BREAKING NEWS
Search

පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල

667

මාන්කුලමේ සිදුවූ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙ‍ෙදනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (07) දින මුලතිව්, මාන්කුලම ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයෙකු හා දරුවෙකු දර කැඩීමට ගිය අවස්ථාවක මෙම පිපිරීම සිදුවී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

සිද්ධියෙන් අවුරුදු 84ක් වයසැති වැඩිහිටි පුද්ගලයා සහ අවුරුදු 6ක මුණුබුරා තුවාල ලබා ඇත.

සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ බඳින තුවක්කුවක් මෙලෙස පුපුරා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

පිපිරීම සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මාලි රාජ්‍යයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 49ක් මරුට

මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ.

එරට අන්තර්වාර රජය ප්‍රකාශ කළේ, ඉස්ලාමීය සටන්කාමීන් විසින් ප්‍රහාරය එල්ලකර ඇති බවය.

එමෙන්ම හමුදා කඳවුරකට එල්ලවු ප්‍රහාරයකින් ද හමුදා නිළධාරීන් 15 දෙනෙකු මියගොස් තිබේ.

එම ප්‍රහාරය අතරතුර සටන්කාමීන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර මාලි රාජ්‍යයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

2020 වසරේ සිට එම රාජ්‍යය හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මකය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *