ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ බිරිය සහා සැමියා අතර ඇති වූ ආරවුලක් දර කැබ්ලකින් පහරකෑ 24 හැවිරිදි තරුණ බිරිය මියගොස් ඇතැයි වෙලම්බඩ පොලිසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ උඩුනුවර වෙලම්බොඩ ලොකුඅංග ප්‍රදේශයේ පදිංචි අමාලි ලක්මිණි සේනානායක නැමති 24 හැවිරිදි එක් දරු මවකි.
ඇය හා සැමියා මහියංගන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර බිරිඳ එම ප්‍රදේශයේ දී ඇතිකරගත් අනියම් සබඳතාව දුරදිග යාම නිසා සැමියා එහි පදිංචිය වෙනස් කර බිරිඳ සමඟ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ.
මහියංගණයේ සිට පැමිණි වේලාවේ සිට 6 උදෑසන අට පමණ වන තුරු බිරිඳ ඇගේ ජංගම දුරකථනයේ රැඳී සිට ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු එකහමාරක් වූ දරුවාට කිරි සෑදීම පවා පමා වී ඇති නිසා සැමියා එම දරුවාට කිරි සාදා දී ඇත.
බොහෝ වේලාවක් බිරිඳ ජංගම දුරකථනයේ රැඳී සිටින බව දැන ගත් සැමියා ඒ පිළිබඳව විමසීමේ දී ඔවුන් අතර වූ බහින්බස් වීමේ දී සැමියා මුළුතැන්ගේ තිබූ දර පොල්ලකින් බිරිඳට පහරදී ඇත. එයින් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ළමාවංශට එංගලත්තයෙන් ඉහළ සම්මානයක්
මෙරට ශල්‍යකර්ම ක්ෂේත්රය ජාත්‍යන්තර ගෙන ඒම වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාට එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි රාජකීය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය විද්‍යාලය ගෞරව FRCS සම්මානයක් පිරිනැමීය.
එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී 2023 සැප්තැම්බර් මස 05 වැනි දින පැවති උපාධි ප්රදානෝත්සවයේදී මෙම ගෞරවනීය සම්මානය මහාචාර්යවරයාට පිරිනමා ඇතැයි පේරාදෙණිය විශ්විවිද්‍යාල නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි .
සෑම වසරකම එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය සමාජයට විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී ජයග්‍රහණ සඳහා දායකත්වය ලබා දුන් පුද්ගලයන්ට එවැනි ඇගයීම් ප්රදානය කරනු ලබයි.
ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රජාවට සදාකාලික බලපෑමක් ඇති කරමින් සෞඛ්‍ය සේවයේ දියුණුව විශේෂයෙන්ම ළමා ශල්‍ය බද්ධ කිරීම වෛද්‍ය අධ්‍යාපනය සහ නායකත්වය සඳහා ඔහු දැරූ දායකත්වය කැප කිරීම පිළිබඳ මහාචාර්ය ළමාවංශ මහතාට ලැබුණු කීර්තිමත් පිළිගැනීම මෙම උපාධිය ප්‍රදානයට හේතු වී තිබේ .

















