පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද දැනුම් දුන්හ.
වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කාරක සභාව විමසූ අවස්ථාවේදී ඔවුහු මෙසේ සඳහන් කළහ.
මේ අතර සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන විශ්‍රාමිකයන් සඳහා සංක්‍රමණික දීමනාව ඇමරිකානු ඩොලර් 30000සිට 50000 ක උපරිමය දක්වා වැඩි කෙරෙන බව එහිදී සඳහන් විය.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (5) රැස්විය.
අංක 2341/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි පිළිබදව අවධානය යොමු කළ කමිටුව ඊට අනුමතිය ලබා දුන්නේය.
තවද 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයටද අනුමැතිය දුන් බව කාරක සභාව පවසයි.
හොරෙන් කෝල් ගත්තැයි බන්ධනාගාරයෙන් තවත් දඩුවමක්
වව්නියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කර තවත් 8 දෙනකු තුවාල ලැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වව්නියාව බන්ධනාගාරයෙ රඳවා සිටියදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් ඇමැතුම් 3292 ක ප්‍රමාණයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු ට හා එම ජංගම දුරකතනය හිමි පුද්ගලයාට බන්ධනාගාර විනිශ්චය සභාව විසින් මාස 4 ක සිරදඩුවම් නියම කර ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා ට චෝදනා ගොනුකරමින් බන්ධනාගර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර කිරීමෙන් පසු මෙම දඩුවම නියම කර ඇති බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පවසයි.
මෙම නඩුවමට අමතරව ඔවුන් දෙදෙනා වව්නියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවද හෙතෙම කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගර මුලස්ථානය විසින් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, මෙම දුරකතනය සැකකරුවන් අතරට පත්වුයේ කෙසේ ද යන්න මෙම මුලික විමර්ශනයේ හෙළි කරගත හැකි බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.


















