BREAKING NEWS
Search

රජරට සරසවියේ පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙක් ජීවිතක්ෂයට

339

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රජරට විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකයේ ගිලී එම විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ඊයේ (27) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ කළමනාකාර පීඨයේ සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (27) සවස හතර හමාරට පමණ සිසුන් 06 දෙනෙක් අනවසරයෙන් පිහිනුම් තටාකයට ඇතුළු වී එහි දියනෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිසුවා දියේ ගිලීමෙන් පසු අනෙක් සිසුන් විසින් ඔහුව ගොඩට ගෙන මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස 21ක මඩකලපු ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්. සිසුවාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිහින්තල පොලීසිය මඟින් සිදුකරනු ලබනවා.

 

කූඨ ලේඛන සැකසූ යුවළක් අත්අඩංගුවට

පොලීසිය විසින් වාහන ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික සහ වාහන ලියාපදිංචි සහතික ඇතුළු ලේඛන රැසක් ව්‍යාජ ලෙස සකස් කරන යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති බව පැවසෙන ලිපි 03ක්, අංක තහඩුව නැති වී ඇති බවට පොලිසිය වෙත කරන ලද පැමිණිලි පිටපත් 03ක්, ජාතික හැඳුනුම්පත් 03ක් සහ තාවකාලික රියදුරු බලපත්‍රයක්ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි තරුණයෙක් හා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *