BREAKING NEWS
Search

දුම්රිය හරස් මාර්ගයේ මගීන් සමග බස් රථයක් හිරවෙයි

431

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක්ම පවතින අතර, එම ප්‍රදේශයේ පිහිටි භූමිය අනුව දුම්රිය හරස් මාර්ග ප්‍රධාන පාරට තරමක් උස් භූමියක පිහිටා ඇත.

එම හරස් මාර්ගවලට විශාල ප්‍රමාණයේ බස්රථ හා ලොරිරථ ඇතුළු නොකරන්නේ එම වාහන හරවා ගැනීමට ඇති අපහසුව නිසාවෙනි.

නමුත් අද (27) දහවල් පෞද්ගලික බස් රථයක් එම දුම්රිය හරස් මාර්ගය හරහා ඇතුළු කිරීමට උත්සාහ ගන්නා අයුරු අද දෙරණ කැමරාවේ සටහන්ව තිබුණි.

බස් රථය දුම්රිය හරස් මාර්ගය තුළ සිරවී ඇති අතර, විනාඩි 10ක පමණ කාලයක් එම මාර්ගය අවහිරව පැවති බව වාර්තා වේ.

අප වාර්තාකරු පැවසුවේ එම අවස්ථාවේ දීත් බස් රථය තුළ කුඩා දරුවන් හා වැඩිහිටි පුද්ගලයින් රැසක් සිටි බවය.

බස් රථය සිරවීමත් සමග මගීන් සියලුදෙනා එයින් බස්සවා දුම්රිය හරස් මාර්ගයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ.

කෙසේවෙතත් එම මොහොතේ දුම්රියක් පැමිණියේ නම් විශාල ඛේදවාචකයක් සිදුවීමට ඉඩතිබූ බව අප වාර්තාකරු පැවසීය.

හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිදෙනෙකු මරුට

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔස්ට්‍රේලියාවේ පැවති යුද අභ්‍යාසයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, පිලිපීනය, ඉන්දුනීසියාව ඇතුළු රටවල සහභාගීත්වයෙන් එම යුද අභ්‍යාසය පවත්වා ඇති බව සඳහන්ය.

යුද අභ්‍යාසයට සහභාගී වූ අමෙරිකානු හමුදා සාමාජිකයන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානය ඔස්ට්‍රේලියාවේ ටිවි දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ දී අනතුරට ලක් ව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ, අමෙරිකානු නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකු බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

තුවාල ලැබූ තවත් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *