රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පිරමීඩ යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවට මහ බැංකුව ඇතුලු බලධාරීන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ 1988 වසරේ බැංකු පනත අනුව මෙම ව්‍යාපාර තහනම් කර ඇති බැවින් මෙවැනි ව්‍යාපාරවලට බලපාන්නේ අපරාධ නීතිය බවයි.
පිරමීඩ ජාවාරම්කරුවන් සිදු කර ඇත්තේ අපරාධයක් වන අතර එය බරපතල වංචාවක් ද වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.
මෙවැනි වංචනික ජාවාරම්වල නිරතවූ ආයතනයන් සහ සමාගම් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට මහ බැංකුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලබාගෙන ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ.
මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබියදීත් මාසිකව ලැබෙන වාසිය සලකා බලමින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට ජනතාව හසුවීම කණගාටුදායක තත්වයක් බව ඔහු සඳහන් කරනවා.
ලැබෙන වාසියට වඩා මෙවැනි ජාවාරමක ආයෝජනය කිරීමට ප්‍රථම එහි ඇති විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.
කෙසේවෙතත් මහ බැංකුව මෙම ජාවාරම්වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.
දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩාංගණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 19 වනදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුයි වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණේ.
එහිදී ක්‍රීඩාංගණය අසල සිටි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව ඊයේ 26 දෙහිවල පොලිස් වසමේ සුමුදු මාවත ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අදාළ අපරාධයට පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ සගවාගෙන සිටි ජීව අත්බෝම්බයක් ද හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
33 හැවිරිදි සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

















