BREAKING NEWS
Search

මැඩගස්කරයේ ක්‍රීඩාංගණයක තෙරපීමකින් 12ක් ජීවිතක්ෂයට

136

මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනානාරිවෝ හි ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 80 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එරට පැවැත්වෙන ‘ඉන්දියන් ඕෂන් අයිලන්ඩ්’ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය නැරඹීමට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට උත්සාහ කිරිමේ දී මෙම තෙරපීම සිදුව තිබෙනවා.

පුද්ගලයන් 50,000කට අධික ප්‍රමාණයක් ක්‍රීඩාංගණය වෙත ඇතුළු වීමට මෙලෙස උත්සාහ දරා ඇති අතර ක්‍රීඩාංගණයේ ධාරිතාව පවතින්නේ පුද්ගලයින් 41,000කට පමණක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

අපි ගිනි කන්දක් උඩ ඉඳගෙන සොසේජස් කන ජාතියක්

අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කාගේ ආණ්ඩුව තිබුණත් එදිනෙදා වියදම් පවා පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට නොතිබුණු බවත් මුළු ආදායම ප්‍රමාණවත් වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශ්‍රාම වැටුප්, සමෘද්ධි ආධාර මෙන්ම රාජ්‍ය ණය පොලී ගෙවීමට පමණක් බවත්ය.

ණය නොගෙවුව හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ ආයතන විසින් රට පහත හෙලා කිසිම දෙයක් ගෙවන්න බැරි රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ඇති බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ එවිට මහ රජ්ජුරුවෝ ලංකාවේ ජනාධිපති වුණත් ජාත්‍යන්තරය ණයවර ලිපි පිළිගන්නේ නොමැති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *