කේබල් රථයක ළමුන් 6ක් ඇතුළු පිරිසක් සිරවෙයි- දරුවන් දෙදෙනෙක් බේරාගැනේ

817

පාකිස්තානයේ  Battagram ප්‍රදේශයේ කඳු දෙකක් අතර සවිකර තිබූ කේබලයක සිරවී ඇති කේබල් රථයේ සිටින පිරිස අතුරින් පාසල් දරුවන් දෙදෙනෙකු බේරාගැනීමට “බේරාගැනීමේ මෙහෙයුමේ නිරත හමුදා භටයින් සමත්වී තිබේ.

පොළොවේ සිට අඩි 1200ක් පමණ ඉහළ අහසේ එම රථය කේබලයක එල්ලෙමින් තිබෙන අතර එහි තවත් සිසුන් 4 දෙනෙක් සහ වැඩිහිටියන් දෙදෙනෙක් සිටිති.

 

කේබල් රථයක ළමුන් 6ක් ඇතුළු පිරිසක් සිරවෙයි

පාකිස්තානයේ කේබල් රථයක සිරවූ පිරිසක් බේරාගැනීම සඳහා එරට ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහි මේ වනවිට ළමුන් 6ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු සිරවී සිටින බවය.

පාකිස්තානයේ Pakhtunkhwa පළාතේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මෙම කේබල් කාර් මගින් සිදුකෙරේ.

මෙම ළමුන් පිරිස සහ ගුරුවරුන් දෙදෙනා අද උදෑසන (7ට පමණ) සිය පාසල වෙත ගමන්කරමින් සිටින අතරතුර මෙම සිදුවීමට මුහුණදී තිබේ.

මෙලෙස එම රථය සිරවී තිබෙන්නේ අඩි 1200ක පමණ ඉහලින් වීමත් අධික සුළං තත්ත්වයත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *