BREAKING NEWS
Search

තව මාස දෙකක් වැස්ස නෑ

466

ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (අනාවැකිකරණ )ශිරෝමණි ජයවර්ධන මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි ඇද හැලෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී බවද ඇය කීවාය.

සාමාන්‍යයෙන් අගෝස්තු  දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන  මාසයක් බව පැවසූ ජයවර්ධන  මහත්මිය එල්නිනෝ තත්වය හේතුවෙන්  මෙවර එය ප්‍රබලවූ බවද ප්‍රකාශ කළාය.

රටේ කාලගුණ තත්වය සම්බන්ධයෙන් මේ මාසය අග නැවත විශ්ලේෂණයක් කිරීමට බලාපොරොත්තු වන බව ශිරෝමණී ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 

ප්‍රථම කුඹල් පෙරහර ගමන් ආරම්භ කරයි

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් මීට සුළු වේලාවකට පෙර  07 පසුවී විනාඩි 10 ට යෙදුණු සුබ මුහුර්තියෙන් පෙරහර ගමන් ආරම්භ කළේය.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා සධාතුක කරඬුව වඩම්මවමින් දළදා මාලිගාවේ සඳගල මත පය තැබූ මොහොත .

ඉන්දි රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස කණ්ඩුල සහ මියන් රාජා හස්තියා ගමන් කළේය. පෙරහර සජීවි විකාශය lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැකියි.

(ෂේන් සෙනෙවිරත්න)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *