BREAKING NEWS
Search

ගාල්ලේ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මරුට

410

හඳුනානොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මේ අතර රෝගී වූ තවත් රැඳවියන් 05 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙම වසංගත රෝගී තත්ත්වය හඳුනා නොගත් එකක් බවත් ඒ පිළිබඳව වෛද්‍යවරුන් පරික්ෂණ සිදුකරන බවත්ය.

එම වසංගත රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත පියවරක් වශයෙන් බන්ධනාගාරය තුළ මුඛ ආවරණ භාවිතා කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

බිළිඳුන් ඝාතනයේ වරදකාරියට ලැබුණු දඬුවම

 

රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ එම රෝහලේ හෙදියකට අද බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

33 හැවිරිදි එම හෙද නිලධාරිනිය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2015 වසරේ ජුනි මාසයේ සිට ගතවූ වසරක කාලය තුළ ඝාතනය කර ඇති අතර තවත් බිළිඳුන් 06 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *