ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර නඩේෂන් විසින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රෝස මල් කූඩ විස්සක් ගුවන්තොටුපල ශාක නිරෝධාන ඒකකයේ නිලධාරීන් විසින් මෙරටට ඇතුළු කිරීම අත්හිටුවා තිබෙනවා.
ඊට හේතුව එම රෝස මල් කෘමීන් සිටින බව හඳුනාගන්නේ ගැනීමයි.
කොළඹදී පැවැත්වීමට තිබූ පූජාවකට යොදා ගැනීමට මෙම මල් ගෙනත් තිබූ ඒවා බවද වාර්තා වෙනවා.
මෙම භාණ්ඩ නිදහස් කරගැනීමට ඉහළ පෙලේ බලධාරීන් විසින් බොහෝ දුරකතන ඇමතුම් ලබාදී තිබුණත් ගුවන්තොටුපල බලධාරීන් එම මල් කූඩ මුදාහැරීම ප්‍රතික්ෂේප කර ඇති බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කරනවා.
සිද්ධිය මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස තිරුකුමාර නඩේෂන් විසින් බලපෑම් කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.
Source : Asianmirror
රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් ගැන අලුත්ම ආරංචිය මෙන්න
රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.
මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින් වැටුප්,වේතන හා අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කල යුතු බව, ලබන වසර සඳහා වන අය වැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමට අදාළ මාර්ගෝපදේශන මාලාව නිකුත් කරමින් ඔහු සඳහන් කලේ.
රථවාහන මිලදී ගැනීම් සීමා එලෙසම ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය ආයතන සඳහා ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ මිලදී ගැනීම් ලබන වසරේ දී සීමා කරන බවද ඔහු පවසනවා.
මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ, දේශීය පුහුණුවීම් සඳහා අදාළ ප්‍රතිපාදන ඇතුළත් කළ යුත්තේ, චක්‍රලේඛ මඟින් එවැනි පුහුණුවීම් නියමකර ඇත්නම් පමණක් බවයි.
















