BREAKING NEWS
Search

එල්ලේ ගහන්න ආ සිසුන් දෙදෙනාගේ සිරුරු වගා ළි‍‍‍ඳේ

320

වව්නියාව පූවර්සන්කුලම් පොලිස් වසමේ පම්පමඩුව ප්රරදේශයේ එල්ලේ තරඟයක් සඳහා පැමිණි සිසුන් දෙදෙනෙකු අද (17) සවස අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳකට වැටීමෙන් එම සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 14 සහ 15 වැනි වියෙහි පසුවූ සිසුන් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

මෙම සිසුන් දෙදෙනා පම්පමඩුව ප්‍ර දේශයේ පිහිටි වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රී ඩාංගණයේ පැවති එල්ලේ තරගයක් සඳහා ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම සිසුන් දෙදෙනා දක්නට නොමැතිවීමෙන් පසුව එහි සිටි සිසුන් එක්ව මෙම  සිසුන් දෙදෙනා සෙවීමේදී එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳ තුල තිබී සිසුන් දෙදෙනාගේ මළසිරුරු සොයා ගැනීමට හැකිවී අැති අතර  අනතුරුව

එළවළු මිල පාරිභෝගිකයාට ඔරොත්තු නොදෙයි

වෙළඳපොළේ එළවලු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව බොංචි, කැරට්, තක්කාලි, දෙහි, අමුමිරිස් මිල ගණන් සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බොංචි කිලෝවක් රුපියල් 440 කටත්, කැරට් කිලෝවක් රුපියල් 480 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 380 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 320 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 400 කටත්, දේශීය අල කිලෝවක් 480 කටත්, දෙහි කිලෝවක් රුපියල් 1000 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 800 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

සාමාන්‍ය වෙළඳපොළේ බොංචි කිලෝවක් රුපියල් 450ත් 500 කටත්, කැරට් කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර මිළකටත්, ගෝවා කිලෝවක් රුපියල් 420 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 350 කටත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 750 කටත්, වම්බටු කිලෝව 480 කටත්, බණ්ඩක්කා කිලෝව රුපියල් 340 කටත්, මුරුංගා කිලෝව රුපියල් 900 කටත්, කරිවිල කිලෝව 860 කටත්, දෙහි කිලෝවක් රුපියල් 1100 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 900 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *