BREAKING NEWS
Search

වැඩිපුර වැඩ කරන්න ලෑස්ති වෙන්න

688

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වැඩිපුර කාලයක් වැඩකිරීමට සූදානම් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ASPnet’ පාසල් ජීවදත්ත වැඩසටහන් ජාලයේ යුනෙස්කෝ අනුග්‍රාහකත්ව 2023 සමස්ත ලංකා වාර්ෂික ගුරු සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමා නිදාගැනීමට යොදන පැය හතක් හැර දවසේ අනෙකුත් සියලු කාලය අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් වැයකරන බවයි.

ඒ අනුව නිලධාරීන්ද එවැනි කැපකිරීමක් කළ යුතු බවත් එසේ නොවුණහොත් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නොහැකිවනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

නිලධාරීන් ස්වයංව කල්පනා කොට වැඩිපුර කාලයක් රැකියාවේ යෙදීමට උත්සහ කළ යුතු බවත් එය රටේ දරු පරපුර අනාගතය වෙනුවෙන් ගනු ලබන වැදගත් තීරණයක් වනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

දේශපාලකයන් අතීතය ගැන හිතද්දි මම හිතුවේ රටේ අනාගතය ගැන

දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණක් බවත් එනමුත් තමා සිතන්නේ රටේ අනාගතය ගැන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (16) පස්වරුවේ එක්වෙමිනි.

පසුගිය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම හා කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ඇගයීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරිණි.

නුගේගොඩ අනුලා විද්‍යාලය අද ලබා තිබෙන ප්‍රගතිය වෙනුවෙන් විදුහල්පතිතුමියගේ සිට ගුරු දෙගුරුන් හා ශිෂ්‍යාවන් සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඊ. ඩබ්ලිව් අදිකාරම් මහතා මෙම පාසල ආරම්භ කිරීමේදී මෙවැනි තත්ත්වයකට පාසල පත්වනු ඇතැයි කිසිදිනක සිතන්නට නැතිව ඇති. නමුත් අද නුගේගොඩ අනුලා විද්‍යාලය මෙරට ප්‍රධාන පාසල් කිහිපය අතරට එක්ව තිබෙනවා. පාසලක් යනු, අනාගත පරපුර නිර්මාණය කරන ස්ථානයයි. එමගින් රටට සේවය කිරීමට අවශ්‍ය පුරවැසියෙක් නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. මීට දශක පහකට පෙර පැවති අධ්‍යාපන ක්‍රමය සහ අද පවතින අධයාපන ක්‍රමය අතර විශාල වෙනසක් පවතිනවා.

එදා තිබුණේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ලබා දුන් පෙළපොත් පමණයි. නමුත් අද අධ්‍යාපනයට ඡංගම දුරකථන සහ පරිගණක භාවිතය එක්ව තිබෙනවා. එදා විදුලි වාහන පිළිබඳ සිතා තිබුණෙ නැහැ. නමුත් අද වන විට ඉලෙක්ට්‍රොනික් වාහන සමාජයට එක්ව තිබෙනවා. පසුගිය කාලය තුළ විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙන බව එයින් පැහැදිලි වෙනවා. එවැනි පරිසරයකට නව අධ්‍යාපන ක්‍රමයක් අද අවශ්‍යව තිබෙනවා.

සමාජයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් නැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ගොඩනගන්නට නම් හොඳ අනාගත පරපුරක් ගොඩනැඟිය යුතුයි. අභියෝග ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික පියවර තැබිය හැක්කේ අධ්‍යාපනයට පමණයි. අනාගතය පිළිබඳ සිතිය හැකි, අනාගතය පිළිබඳ අවබෝධයක් ඇති අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ නිර්මාණය කළ යුතුයි. අනාගතයේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. ලෝකයේ ඇතිවන දේශගුණික විපර්යාස හොඳින් අධ්‍යයනය කළයුතුයි. යුරෝපය අද ගිනිගන්න තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එම නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය කාළගුණ විපර්යාස පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන කාලය වසර 10 කින් ආපස්සට ගෙන එය වේගයෙන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව 2050 වසර වන විට අවසන් කිරීමට නියමිතව තිබූ දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ න්‍යාය පත්‍රය 2040 වන විට අවසන් කිරීමට සියලු රටවල් සූදානම් වෙමින් සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *