බම්බලපිටිය බස් අනතුරේ CCTV වීඩියෝව

5354

කොළඹ බෞද්ධාලෝක මාවත සහ ඩුප්ලිකේෂන් මාර්ගය සම්බන්ධ වන මංසන්ධිය අසලදී පසුගියදා සිදුවූ බස් රථ අනතුරේ CCTV දර්ශන අද (16) මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල සිදුවූ අදාළ අනතුර සිදුවී තිබුණේ බස් රථ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් බව පොලීසිය පැවසීය.

මෙම අනතුර සිදුව තිබුණේ පෙරේදා දින අලුයම කාලයේදීය.

අලුයමට 5.30 ට පමණ පිටකොටුවේ සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරු සිදුවී තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 15 දෙනෙකු රැදී සිටි අතර ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

පොලීසිය පැවසුවේ ඩුප්ලිකේෂන් මාර්ගය ඔස්සේ පැමිණි බස් රථයේ රියදුරු මාර්ග සංඥා නොතකමින් ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවය.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

නඩත්තුවට ගිය යානය වෙනුවට ඉන්දියාවෙන් තවත් එකක්

ඩෝනියර් 228 වර්ගයේ සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදී තිබේ.

අද (16) කාටුනායකදී පැවැති උත්සවයකදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා වෙත එය නිල වශයෙන් භාරදීම සිදු කෙරුණි.

ශ්‍රී ලංකාව මෙතෙක් භාවිත කළ ඩෝනියර් යානය වාර්ෂික නඩත්තු කටයුතු සඳහා ඉන්දියාවට රැගෙන ගොස් ඇති අතර එය ආපසු ලැබෙන තෙක් මෙම නව යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා භාවිත කිරීමට නියමිතය.

එම යානය ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ එකකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *