BREAKING NEWS
Search

මුදල් අමාත්‍යංශය ගිනි ගනී

678

මුදල් අමාත්‍යංශයේ දෙවන මහලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගිනි නිවීමේ රථ තුනක් පිටත් කර යවා ඇති අතර තත්ත්වය පාලනය කරමින් පවතින බවයි.

ගින්නෙන් වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

 

රටේ අනාගතය හා ජනතාව වෙනුවෙන් රනිල් සජිත් එකට එකතු වී ගමනක් යා යුතුයි – රෝහිණී කවිරත්න

රටේ අනාගතය හා ජනතාව වෙනුවෙන් රනිල් සජිත් එකට එකතු වී ගමනක් යා යුතු බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසීය

මෙම සියලු පක්ෂ නායකයින් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද ඇය ප්‍රකාශ කළා.

මහනුවර දී ඊයේ (15) මාධ්ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රිවරිය මේ බව පැවසීය

මේ මොහොතේ රනිල් සජිත් එක්ව ගමනක් යායුතු බවට ජනතාව වෙතින් යෝජනා ඉදිරිපත් වන බවත් එම යෝජනා සාධාරණ බව තමන්ද අනුමත කරන බවත් කවිරත්න මහත්මිය පැවසුවාය.

එජාපය හා සමගි ජනබලවේගය එකතු වීමට වඩා සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම වැදගත් බව ද ඇය ප්රකාශ කළාය.රනිල් ගත්තත් සජිත් ගත්තත් දෙදෙනා තුළම හොඳ නරක තිබෙන බවත් එලෙසින්ම සෙසු පක්ෂ නායකයින් තුළද එම ලක්ෂණය දැකිය හැකි බවත් කී මන්ත්‍රිවරිය ජාති,ආගම් හා පක්ෂ ලෙස බෙදී වෙන් නොවී ඉදිරි වසර 25 ක් සඳහා හෝ රට ඉදිරියට ගෙන යෑමේ ජාතික සැළසුමක් රටට අවශ්‍ය යැයි ද අවධාරණය කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *