BREAKING NEWS
Search

මං එයාට රුපියල් ලක්ෂ 18ක් දුන්නා, ඕස්ට්‍රෙලියාවේ යන්න හදලා දෙන්නම් කිව්වා ඊට පස්සේ එයා ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා- රට යන්න හීන මවපු පෙම්වතාට පෙම්වතිය දුන් සප්‍රයිස් එක

385

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පෙම්වතා ඕස්ට්‍රෙලියාවට යවන බව කියමින් රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් වංචා කළ තරුණියක් කිළිනොච්චිය පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ මනිපායි ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය පෙම්වතිය බැලීමට කිළිනොච්චියට වරින් වර පැමිණ ඇති අතර එසේ පැමිණි එක් අවස්ථාවක දී තරුණියගේ ඥාතියෙකු ඕස්ට්‍රෙලියාවේ සිට කතා කරන බව කියමින් දුරකතනය පෙම්වතා අතට ලබ දී තිබෙනවා.

මෙසේ දින කීපයක්ම දුරකතනයෙන් කතා කිරීමෙන් පසුව පෙම්වතාව ඕස්ට්‍රෙලියාවට කැඳවා ගත හැකි බව පවසා ඊට අවශ්‍ය කටයුතු කිරීම සදහා පෙම්වතියට මුදල් ලබා දෙන ලෙස අදාල පුද්ගලයා පවසා තිබෙනවා.

ඒ අනුව, තරුණයා රුපියල් ලක්ෂ 18ක මුදලක් පෙම්වතියට දී ඇති අතර එම මුදල ලබා දුන් දිනයේ සිට පෙම්වතිය වෙනස් වන්නට පටන් ගෙන අවසානයේදී පෙම් සබඳතාවයද නවතා දමා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පෙම්වතා පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පෙම්වතිය අත්අඩංගුවට ගෙන ඇති කිළිනොච්චිය පොලීසිය ඇයව අධිකරණය වෙත ඉදීරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

වෛද්‍යවරුන් විදේශගතවීම දිරිගැන්විය යුතුයි

මෙරටට විදේශ විනිමය එවීමේ කොන්දේසිය මත වෛද්‍යවරු රටින් බැහැර වීම දිරිගැන්විය යුතු බවත් රට බංකොළොත් වී ඇති වර්තමාන තත්වය තුළ වෛද්‍යවරු දහසක් පමණ විදේශ රටවල්වලට යොමුකළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ හිඟයට වඩා වෛද්‍යවන්ගේ සේවය ව්‍යාප්තවීමේ අසමතුලිත බව වර්තමාන තත්වයට හේතු වී ඇති බව කියන වෛද්‍ය බෙල්ලන මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 60 කට වඩා වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළ සේවයේ යෙදී සිටින බව ද සඳහන් කළේය.

වෛද්‍යවරු වෙනත් රටවලට යෑමේදී වංචාවලට සම්බන්ධ සොරුන් සේ සළකා කටයුතු කරන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීම අනුමත කළ නොහහැකි බවත් ග්‍රාමීය ප්‍රදේශවල විශේෂඥා වෛද්‍යවරුන්ගේ හිඟයට හේතුව රජය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 ක් දක්වා ඉහළ දැමීමට ගත් අදූරදර්ශී තීරණය බවත් වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා කීය.

මෙම තත්වය මත තරුණ වෛද්‍යවරු රට හැරයෑම ඉහළ ගොස් ඇතු බව ද වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *