BREAKING NEWS
Search

පියකුගේ වගකීම දෙවන වරටත් හිමිවිම සතුටක්- නාමල් රාජපක්ෂගේ කැදැල්ලට ආ අලුත් අමුත්තා

203
නාමල් රාජපක්ෂගේ සොඳුරු කැදැල්ලට නව පරිච්ඡේදයක් එක්කරමින් නැවත වරක් නාමල් පිය පදවියෙන් පිදුම්ලැබ තිබෙනවා..
ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ තම මුහුණු පොතේ සටහනක් පළකර තිබුණා,
ඒ මේ සටහනයි..

“පියකුගේ වගකීම දෙවන වරටත් හිමිවිම සතුටක් මෙන්ම, එය පෙරට වඩා වගකීම් සහගත විය.
Limini සහ දරුවා දෙදෙනාම නිරෝගී සුවයෙන් සිටින අතර හතර දෙනෙකුගෙන් යුත් අපේ පවුල නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නට ද විය.”

ස:ලේකම්වරියගේ නිවෙසින් කෝටි තුනක බඩු උස්සලා

අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියගේ රාජගිරියේ කලපළුවාව ජය මාවතේ දෙමහල් නිවසට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා දේපළ සොරාගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට පෙරද අපරාධ කිහිපයකට සම්බන්ධ දෙදෙනකු බව පොලිසිය කියයි.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ මුතු මැණික් රන් ආභරණ ,ඉස්තරම් වර්ගයේ පිගන් භාණ්ඩ, ඇමරිකානු සමාගමක් මගින් නිෂ්පාදනය කරන ලද අධික මුදලකට මිලදී ගත් බව කියන දියමන්ති ගල් අල්ලන ලද රන් පෙන්ඩනයක් , ජපානයෙන් ඉතා අධික මුදලකට මිලදී ගත් බව කියන පෘථිවියේ නොමැති ගෙන වෙනත් ග්‍රහලෝකයකට අයත් පාෂාණ විශේෂයක් පොලිස් භාරයට ගෙන ඇත.

සහකාර ලේකම්වරිය ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ අතර එමඟින් නිසි විමර්ශනයක් සිදු නොවූ බව පවසමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත යොමුකර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *