BREAKING NEWS
Search

අලුත උපන් බිලිදා පාරට දැමු මව පියා අත්අඩංගුවට

305

නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් හැටියේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ  අඹුසැමි යුවළත් මුල්ලේරියාව පොලිසිය මගින්  අද (9) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකාරිය  රෝගී තත්ත්වයෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මුල්ලේරියාව කැලණිමුල්ල වීදියබණ්ඩාර මාවතේ නිවස දී  ඊයේ (8) රාත්‍රියේ මෙම දරුවා ප්‍රසුත කර ඇති අතර, සැකකාර අඹුසැමි යුවළ දරුවා මාර්ගයට ගෙනවිත් දමා තිබියදී අද පෙරවරුවේ පොලිසිය සොයාගෙන ඇත.

පොලිසිය අවට පරික්ෂා කිරීමේ දී ලේ පැල්ලම් ඔස්සේ ගොස්  සිද්ධිය වු නිවසට ගොස් ඇති අතර, සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර අඹුසැමි යුවළ තදින්ම අයිත් මත්ද්‍රව්‍ය පානය ඇබ්බැහිව  සිටින්නන් බවද පොලිසිය පවසයි.

වකුගඩු රෝග අනතුරක් ගැන මැතිසබයේ හෙළිදරව්වක්

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට ජලය  දුන් ජල පෙරණ යන්ත්‍ර නඩත්තු කළ නාවික හමුදා සෙබළුන් ඒවායෙන්  ඉවත් කරගෙන යෑම  හේතුවෙන්  එම යන්ත්‍ර අඩපණවී ගෙන යන හෙයින්  වහාම ඒ විනාශය  වැළැක්වීමට  මැදිහත්වී  කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (9)   පැවසීය.

එසේම එම යන්ත්‍රවල විදුලි බිල ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශය නතර කිරීම හේතුවෙන්  ඒවාට විදුලිය සැපයීමද නතර කරගෙන යන බව  ඔහු සඳහන් කළේය.

 

මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසීය.

 

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් 2014 ඉඳලා අඩුවේ ගෙන  ඇවිල්ල තියෙනවා. මේ සඳහා ප්‍රධාන හේතුව ප්‍රති ආසෘත  ජල පෙරණ යන්ත්‍ර මගින් ජලය ලබාදීම. ඒ යන්ත්‍ර නඩත්තුව කරන්නේ නාවික හමුදාව. උතුරු මැද පළාතේ මේ යන්ත්‍ර පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම යන්ත්‍රයකින්ම ඒවා නඩත්තු කරපු නාවික හමුදා සෙබළුන් ඉවත් කරගෙන යනවා. මම මේ ගැන ආරක්ෂක ආරක්ෂක ලේකම්තුමාගේ අවධානයට යොමු කළා. නමුත් එතුමා ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් දැක්වුයේ නැහැ.

 

ලක්ෂ දහයකට වැඩි පිරිසක් මෙම යන්ත්‍ර වලින් ජලය බොනවා.  මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම අඩාලවී ගෙන යන්නේ. එහෙම වුණොත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒ ගැන මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ ජලය වෙනුවෙන් විදුලි බිල ගෙව්වෙ සෞඛ්‍ය අමාත්‍යාංශය. දැන්  විදුලි බිල් ගෙවීම නවත්වලා තියෙනවා. යන්ත්‍ර වලට විදුලිය සැපයීම ඒ නිසා නවත්වා ගෙන යනවා. ඔබතුමා  මේ අසරණ ජනතාවට පානීය ජලය ලබාදෙන වැඩපිළිවෙළට ප්‍රමුඛත්වය ලබා දෙන්න.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *