BREAKING NEWS
Search

මැරෙන්න පෙර විවාහ වීමේ සිහිනය සැබෑ කරගත් අවුරුදු 10 පුංචි කෙල්ල

701

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලියුකේමියා රෝගය උත්සන්නවී අසාද්‍යව සිටින 10 හැවිරිදි ඇමෙරිකා ජාතික එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ  එක් සිහිනයක් ඇය මිය යෑමට පෙර සැබෑ කර දීමට ඇයගේ මාපියෝ කටයුතු කළහ.

එමා එඩ්වර්ඩ්ස් කුඩා කළ සිටම ඇයගේ හොඳම මිතුරා වන 10 හැවිරිදි ඩැනියෙල් මාෂල්ර් සමග විවාහ වීමට සිහින මවා ඇත.

එමාට ජීවත්වීමට වැඩි කාලයක් නොමැති වීම හේතුවෙන් ඇයගේ මාපියන් එමාගේ සිහිනය සැබෑ කර දීමට පසුගිය දා කටයුතු කර තිබිණ.

ඒ අනුව  එමා එඩ්වර්ඩ්ස් සහ ඩැනියෙල් මාර්ෂල් ක්‍රිස්ටෝෆර් විවාහ ගිවිසගෙන ඇති අතර විවාහ ගිවිස ගැනීමෙන් දින 12 කට පසුව එමා අවාසනාවන්ත ලෙස මිය ගියාය.

එමාගේ මාපියන් පවසා ඇත්තේ තම දියණිය ලියුකේමියා රෝගය පාරද කරා වී යැයි තමන් බලාපොරොත්තු වූවත් ඇයට එය කිරීමට නොහැකි බව  වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බවයි.

ඒ හේතුවෙන් ඇයගේ ජීවිතයේ තිබූ එකම සිහිනය සැබෑ කර දීමට කටයුතු කළ බව එමාගේ දෙමාපියන් පවසා ඇත.

 

ආන්දෝලනාත්මක මරණ 6 න් 5 ක්ම ඖෂධ ආසාත්මිකතාවෙන්

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී ආන්දෝලනාත්මක ලෙස පසුගිය කාලයේ වාර්තා වූ මරණ 6 න් 5 කටම බොහෝ දුරට ඖෂධ ආසාත්මිකතාව හේතුව වී ඇති බවත් අසාත්මිකතාවන්ට හේතුවූ  ඖෂධ සම්බන්ධ තත්ව පරීක්ෂණ වාර්තා ද නොතිබූ බවත් එම මරණ පිළිබඳව සෙවීමට පත්කළ විශේෂඥා කමිටුව පවසයි.

එම ආන්දෝලනාත්මක මරණ පිළිබඳව සෙවීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ සත් සාමාජික කමිටුව නිර්දේශ නවයක් ද සමගින් කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාරදී ඇති අතර එම වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැති.

ජීවිත අවදානම් සහිත ආසාත්මිකතා කළමනාකරණය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ ඊට අදාළ යාන්ත්‍රණයක් සකස් කිරීම, ජීවිත තර්ජනයක් සහිත සිදුවීම් වාර්තා වූ අවස්ථාවන්හිදී නිසි සායනික විගණනයක් සිදුකිරීම, ඖෂධ ලියාපදිංචියේදී සහ අළෙවිකරණයෙන් පසුව අහඹු නියදි පරීක්ෂාවන් හරහා රට තුළ භාවිතා කරන ඖෂධවල ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කිරීම ඇතුළු නිර්දේශ එම වාර්තාවට ඇතුළත් වේ.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *