Search

දියණිය අඹුකමට ගත් පව්කාර පියාට වෙච්ච දේ

1082

15 හැවිරිදි සිය දියණියට බරපතළ ලිං.ගික අපචාර කළ බවට වරදකරු වූ පියෙකුට බරපතළ වැඩ සහිත වසර දහය බැගින් වසර විස්සක සිර දඬුවමක්ද, ඊට අමතරව රුපියල් හතළිස් දහසක දඩ මුදලක් සහ අතවරයට ලක් වූ දියණියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙස බලපිටිය මහාධිකරණය ඊයේ (08) නියම කළේය.

මෙලෙස දඬුවම් ලැබුවේ පිටිගල පොලිස් වසමට අයත් පොරවගම යොන්ගලවත්ත පදිංචිව සිටි රණේපුර හේවගේ සුසන්ත නමැති අයෙකි.

2013 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළදී කිහිප වතාවක්ම මෙම දැරිය අතවරයට ලක් වී තිබෙනුයේ මව විදේශගත වී සිටියදී පියාගේ රැකවරණය යටතේ ජීවත්ව සිටියදීය. අතවරයට ලක්වන දින උදේ මෙම දැරිය පෙරදින රාත්‍රියේ පිසින ලද පිළුණු වූ පරිප්පු ආහාරයට ගෙන ඇති අතර මේ නිසා සවස වමනය කර ඇත. බීමත්ව සිටි පියාට මේ බව කියද්දී එය පිළිනොගෙන කිසියම් අයකුගෙන් අතවර වෙන්න ඇතැයි කියා පරීක්ෂා කර බැලීමට යැයි කියමින් බරපතල ලිංගික අතවර කර තිබේ.

කිහිප වතාවක්ම මෙසේ අතවරයට ලක් වෙද්දී ඇය අසල්වැසි ඥාතියෙකුට මේ පැවසීමෙන් පසු පිටිගල පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ අනුව වැරදිකරු වූ පියාට චෝදනා දෙකක් යටතේ එක චෝදනාවකට වසර දහය බැගින් වසර විස්සක සිර දඬුවම් නියම කෙරිණි.

කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වටලයි

කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර බෙදාහරින කල්මුණේ පිහිටි ගබඩාවක් වටලා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර නැවත ඇසුරුම් කිරීම හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගබඩාව වටලන අවස්ථාවේදී සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝග්‍රෑම් 2,125 ක් හා ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝග්‍රෑම් 82,750 ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 44 හැවිරිදි සැකකරු කල්මුණයිකුඩි 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *