යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී පිරිසක් විසින් පහර දී 54 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (07) ඝාතනය කර ඇති බව චුන්නාකම් පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ඝාතනයට ලක්වූ පුද්ගලයා ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් දින කිහිපයකට පෙර මොහු පෙම්වතිය කැඳවාගෙන වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවත්ය.
එලෙස පෙම්වතිය රැගෙන ගොස් නැවත අදාළ පුද්ගලයා චුන්නාකම් ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී තරුණියගේ ඥාතීන් විසින් ඔහුට සහ තරුණියට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා යාපනය, තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.
ඥාතීන්ගේ පහර කෑමෙන් 19 හැවිරිදි තරුණිය ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ. මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ තෙලිප්පලෙයි රෝහල් මෘත ශරීරාගාරයේදී අද (08) පැවැත්වීමට නියමිතව තිබිණි.
මියගිය පුද්ගලයා විවාහකයෙකු වන අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකුද වනවා.
madyawediya
1958 නෙමෙයි 2018..! දයාසිරි කියපු කතාවට ගුවන් හමුදාවෙන් උත්තර දෙයි!
ත්‍රිකුණාමලය, චීනවරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට පත් පී.ටී 6 (PT6) වර්ගයේ පුහුණු ගුවන්යානය පසුගිය 2018 වර්ෂයේදී චීනයේ නිෂ්පාදනය කර තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.
එම ගුවන්යානය 2018 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇණවුමකට අනුව එම වර්ෂයේම නිෂ්පාදනය කර තිබෙන අතර එම ගුවන්යානයේ සම්පූර්ණ මෙහෙයුම් කාලය ගුවන් පැය 4,000ක් වුවද මේ දක්වා මෙහෙයුම් සිදු කර තිබෙන්නේ ගුවන් පැය 800ක පමණ ප්‍රමාණයක් බව ද ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
අදාළ ගුවන්යානය 1958 වසරේ නිෂ්පාදනය කළ පැරැණි ගුවන්යානයක් බවට සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශයක් කර තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු යානා සියල්ල 2000 – 2018 කාලයේ මිලට ගත් ඒවා බව පෙන්වා දුන් ඒ මහතා පසුගිය 2001 වසරේදී ඇණවුම් කළ ගුවන්යානා ද මේ දක්වා සම්පූර්ණ ගුවන් මෙහෙයුම් සිදු කර ඇත්තේ ගුවන් පැය 2,800ක් බව ද ඒ අනුව අදාළ ගුවන්යානා සියල්ල පුහුණු කිරීම් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බව ද පෙන්වා දුන්නේය.
චීනයේ නන්චැන්ග් ගුවන්යානා නිෂ්පාදන සමාගම මඟින් මෙවැනි වර්ගයේ ගුවන්යානා නිෂ්පාදනය 1958 වසරේ අගෝස්තු මාසයේ 27 දා ආරම්භ කර තිබෙන නමුත් මෙහෙයුම් සිදු කර ඇත්තේ 1960 වසරේදී බව පෙන්වා දුන් දුෂාන් විජේසිංහ මහතා එය චීන ගුවන් හමුදාවේ පුහුණු කිරීම් සඳහා යොදාගෙන තිබෙන බව ද කීවේය. කෙසේ වුවද මෙම ගුවන්යානා ශ්‍රී ලංකාවට අමතරව එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසකට ලබා දී තිබෙන අතර මේ වන විට නිෂ්පාදිත ගුවන්යානා සංඛ්‍යාව 2,000ට වැඩි බව ද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මෙම පුහුණු ගුවන්යානය පෙරේදා (07) පෙරවරුවේ ත්‍රිකුණාමලය, චීනවරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨ කඳවුරේ පුහුණු වීම සඳහා යොදා ගන්නා පී.ටී 6 වර්ගයේ සැහැල්ලු ගුවන්යානයක් මෙලෙස පෙරවරු 11.27ට පමණ කඩා වැටීමෙන් එහි ගමන් කළ ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියගියහ.
















