BREAKING NEWS
Search

ශිෂ්‍යත්වයෙන් ජයගන්න සිටි දැරියගේ පොත් ගිනි රකුසා ඩැහැගනී

83

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බේරුවල බදනාගොඩ ඉතා අසරණ දුප්පත් පවුලක් ජීවත්වන නිවසක ඇති වූ ගින්නකින් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනකුගේ පොත් පත් විනාශ වී නිවසක කොටසට හානි සිදුව ඇති බව බේරුවල පොලිසිය පවසයි .

බදනාගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි බෝට්ටුවක මුර රැකියාවක නිරත නිශාන්ත කුමාර මහතා ගේ නිවසෙහි ගින්න හටගෙන ඇති බව සදහන් වේ.

නිවසේ සියලු දෙනා රාත්‍රි 7 ට පමණ රූපවාහිනි නැරඹීම සඳහා අසල නිවසකට ගොස් සිටියදී මෙම නිවසෙහි ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කර ඇතත්, දරු දෙදෙනාකුගේ පොත්පත්, බෑග් සහ සපත්තු සියල්ල ගින්නෙන් විනාශ වී ඇත.

වැඩිමහල් දරුවා බදනාගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට ද පෙනී සිටින බවත්, ඇය පංතියේ පළවෙනි ස්ථානය ලබා ගන්නා සිසුවියක බවත් සදහන් වේ.

ශිෂ්‍යත්ව විභාගයට පාඩම් කිරීමට තිබූ ප්‍රශ්න පත්‍ර කට්ටල, පොත්පත් සියල්ලම දැවී අළුවී ඇති අතර , පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල දරුවාගේ පොත් පත් සියල්ලද ගින්නෙන් විනාශ වී තිබේ.

නිවස ද රජයෙන් ලද ඉඩමක ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ඉදිකර ඇති කටුමැටි ගැසූ නිවසක් බවත් පැවසේ.

මේ වනවිට 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවා දැඩි මානසික පීඩනයකින් සිටින බවත් ඇයට අවශ්‍ය පොත්පත් ටික ලබා දෙන්නේ නම් එය මහත් රුකුලක් බවත් දෙමාපියන් සදහන් කර සිටී.

එම අසරණ පවුලට උදව් උපකාර කිරීමට කැමති අයෙක් වේනම් නිශාන්ත කුමාර මහතාගේ අංක 076 0907029 ට අමතන මෙන්ද ඔවුන් ඉල්ලාසිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *