රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දියණියගේ අධයාපනය කටයුතුවලට තිබූ පරිඝනකයක් ඇතුළු භාණ්ඩ පියා මත්පැන් පානයට උගස් කර තිබියදී පොලිසිය මැදිහත්ව එය බේරා දී ඇත.
ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම සැකකාර පියා මත්පැනට දැඩිලෙස ඇබ්බැහිවූවකු බවත්, ඔහු විසින් 5 වසර ශිෂ්‍යත්වය වෙනුවෙන් ඉගෙනුම ලබන සිය දියණියගේ ‘ඩෙක්ස්ටොප්’ පරිගණකය සහ බ්ලූටූත් උපාංගය පෝරුවදණ්ඩ ප්‍රදේශයේම ගරාජ කාර්මිකයකු හට උගස්කර මුදල් ලබාගෙන ඉන් මත්පැන් පානය කර තිබූ බවත් පරීක්ෂණ වලදී හෙළිව ඇත.
ඒ අනුව මෙම සැකකරු විසින් පරිගණකය රුපියල් 2000(දෙදහස)කටත්, බ්ලූටූත් උපාංගය රුපියල් 1,500කටත් උගස් කර ඇති අතර, මෙම පුද්ගලයා ඔෆ්සෙට් යන්ත්‍ර ක්‍රියාකරුවකු බවත්, මේ දිනවල ව්‍යාපාර කටයුතු අඩපණවීම නිසා මුදල් අඟහිඟතාව හේතුවෙන් නිවසේ බඩුබාහිරාදිය උගස්කර මෙලෙස මුදල් ලබාගැනීමට ඔහු පෙළඹ ඇති බවත් පොලිසිය පවසයි.
කඩා වැටුණු යානය ගැන ගුවන් හමුදාව මෙසේ කියයි
ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් කඩා වැටුන පී ටී 6 වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදාව 2018 වසරේ මිළදී ගත් යානයක් බවත්, එහි ජිව කාලය ගුවන් පැය 4000 ක් වුවද කඩා වැටුන අවස්ථාවේ එහි ගුවන් පැය 850 ට ආසන්න පමණක් සපුරා තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
ගුවන් හමුදාව මිළදීගෙන භාවිතා කරන පී ටී 6 වර්ගයේ සියලු ගුවන් යානා වසර 2000-2018 අතර කාලය තුළ නිපදවා ඇති ගුවන් යානා බවද හෙතෙම පැවසීය.
1985 වසරේ දී මෙම ගුවන් යානා නිපදවා චීනයේ චීන මහජන විමුක්ති හමුදාවේ ගුවන් හමුදාව වෙත නිපදවා ඇති අතර ගුවන් යානා 3000 පමණ නිෂ්පාදන කර 1979 අලෙවි කිරීම සදහා පී ටී 6 නාමය යටතේ අලෙවි සිදුකර ඇත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. නියමුවන් මුලික පුහුණු සදහා ලෝකයේ බොහෝ ටවල් මෙම පී ටී 6 ගුවන් යානය භාවිතා කරන බවද හෙතෙම පැවසීය.
මෙම යානය අලුත්වැඩියාවක් සදහා යොමුකර එහි තත්ත්ව පරික්ෂාවක් සදහා ගුවන් ගත කරමින් සිටියදි මෙලෙස කඩා වැටී ඇති බවත්, මෙම යානය මෙලෙස කඩා වැටීමට හේතුව මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශයේ දී ඉදිරියේ අනාවරණය වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

















