ආදරසුව විදින්නට ඕනම පෙම්වතෙක් කැමතියි නේ….
ඉතින් මොහුත් කැමති වෙන්න ඇති තවත් අලුත් පෙම්වතියක් එක්ක කාලය ගෙවන්න..
කොහොම වුණත් ඔහු යවා තිබූ පුවත්පත් දැන්වීමට ඔහු හිතන්නත් කළින් ප්‍රතිචාර ලැබිලා…. එම දැන්වීමට අනුව ඔහුට ගන්නෝරුව ප්‍රදේශයේ කාන්තාවක් සමීප වීමෙන් අනතුරුව ඇයව සොයා නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා ගන්නෝරුවට ගොස් තිබෙනවා…
කොහොම වුණත් මේ ස්පර්ශය නම් එතරම් සුබදායී වී නැහැ…. මොහු ඇයව මුණගැසී දින කීපයකට පසුව අසන්නට ලැබී ඇත්තේ හද බිය උපදවන කතාවක්…
නිට්ටඹුවේ සිය නිවසට පැමිනීමෙන් දින කිහිපයක් ගත වූ පසු ගන්නොරුව ප්‍රදේශයේ කාන්තාව මෙම ප්‍රදේශය ස්පර්ශ කිරීම නිසා නහරයක් පුපුරා ගොස් ඇති බව පවසා එයට ශල්‍යකර්මයක් සිදු කළ බව කියමින් මොහුගෙන් මුදල් ලබාගෙන තිබුණා….
කොහොම වුණත් ඇගේ මේ රංගනය ඉතා තාත්වික වූ නිසාම එයට රැවටුන මේ පුද්ගලයා පැවසූ මුදල අදාල ශල්‍යකර්මය සඳහා ඇයට ලබාදීමට පොරොන්දු වෙලා..
ඒ රුපියල් ලක්ෂ 30ක මුදලක්.. පසුව මෙම කාරණයම පවසා ඇය තවත් අවස්තා කීපයකදී ඔහුගෙන් මුදල් ලබාගෙන තිබූ අතර එවර ඇය රුපියල් ලක්ෂ 39 සහ රුපියල් ලක්ෂ 25ක් ඉල්ලා තිබුණා..
මෙම මුදල් ලබාදීමට දෙවන තුන්වන අවස්තාවලදී මැලිවූ ඔහුට පසුව මෙම කාන්තාව විසින් මරණ තර්ජන එල්ලකරලා.. කොහොම වුණත් එම තර්ජනයෙන් බේරීම සඳහා විශ්‍රාමික පුද්ගලයා නිට්ටඹුව පොලිසිය හමුවේ තමාට වූ අකරතැබ්බය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව වාර්තා වෙනවා….
නිට්ටඹු පොලිසියේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර කප්පම් මුදල් ලබා ගත් කාන්තාව සහ එයට ආධාර අනුබල දුන් එම කාන්තාවගේ බෑනා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය…



















