BREAKING NEWS
Search

සිසුවාගේ බෙල්ල කපා බෑගය උදුරාගෙන යයි

1614

උපකාරක පන්තියකට දුම්රිය මාර්ගය දිගේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගෙල කපා තුවාල කළ නාඳුනන පුද්ගලයකු  ඔහුගේ අතේ තිබූ බෑගය උදුරාගෙන පළා ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ පාසල් සිසුවකු බව පොලිසිය කියයි.

බස්රථයකින් මිරිගම බස් නැවතුම්පළට පැමිණි මෙම සිසුවා තවත් සිසුවකු සමග දුම්රිය මාර්ගය දිගේ විල්වත්ත දෙසට පයින් ගමන් කරද්දී  මේ සිද්ධිය වී ඇතැයි හෙළි වී ඇත.

තුවාල ලැබූ සිසුවාගේ තත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පිටුපසින් ගමන් කළ සිසුන් දෙදෙනා දුරකථනය බලමින් ගමන් කර ඇති නිසා සිදු වූ සිද්ධිය පිළිබඳව දැක නැති අතර ඉදිරියෙන් ගිය දෙදෙනා කෑගහනවා ඇසි බලද්දී පුද්ගලයකු විල්වත්ත රේල් ගේට්ටුව දෙසට දිව යනවා දැක ඇතැයි හෙළි වී ඇත.

උදුරාගෙන ගිය බෑගය ලඳු කැලෑවක දමා තිබියදී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

 

වංචාව ගැන හොයද්දී හතරක් රැකියාව හැර යති

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශයේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් සිවුදෙනෙක් පසුගිය සිකුරාදා වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබූ බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම නිලධාරීන් සිවුදෙනා පෞද්ගලික අංශයේ රැකියාවට යෑමට ඉල්ලා අස්වන බව ද දැනුම් දී ඇති බව කී නිලධාරියා මහා පරිමාණ ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙද්දී නිලධාරීන් මෙසේ ඉවත්වීම ගැටලුවක් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

මෙරට ඉන්ධන ව්‍යාපාර ආරම්භ කළ විදේශ සමාගමකට සම්බන්ධ වීමට අදාල නිලධාරීන් සූදානම් වන බවත් එම සිව්දෙනාගෙන් ඇතැමුන් අදාල විදේශ සමාගමට ‘සිපොට්කෝ’ සතු වැඩි අළෙවියක් ඇති ඉන්ධන පිරවුම්හල් තෝරා දුන් නිලධාරීන් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෝ පවසති.

රට තුළ ඉන්ධන හිඟයක් පැවැති සමයේ කර්මාන්ත ශාලා සහ හෝටල් ඇතුළු ඉන්ධන බවුසර් ලෙස මිලදී ගත් ආයතනවලට කොමිස් මුදල් ලබාගෙන ඉන්ධන සැපයුවේ යැයි කියන නිලධාරියෙක් ද අස්වීමේ ලිපි දුන් නිලධාරීන් සිවුදෙනා අතර සිටින බව ද සේවකයෝ පවසති.

මෙම නිලධාරීන් ඉල්ලා අස්වීමට පෙර ඔවුන්ගේ වත්කම් පිළිබඳව ආයතනික මට්ටමින් සහ වෙනත් නීති ක්‍රියාත්මක කරන ආයතනය හරහා පරීක්‍ෂණ කළ යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *