රජයේ පාසලවල අධ්‍යන වාරයක් සඳහා එක වැඩ පොතක් වාර තුනට වැඩ පොත කොටස් තුනකින් සිසුන්ට දීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩුකිරීමට මෙයින් අපේක්ෂා කරන බවත් සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කරගැනීමට ද මෙමගින් අපේකෂා කරන බවත් අමාත්‍යවරයා කීය.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට විභාගයක් පමණක් පවත්වන බව ද කී අමාත්‍යවරයා එසේ වුවහොත් සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බව ද සඳහන් කළේය.
මුලදී මෙය විභාග ලකුණු සියයට 70 ක් සහ මොඩියුලයේ ලකුණු සියයට 30 ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය සියටය 50 ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේදී පාසල් පැමිණීම, රැඳීසිටීම සහ එදිනෙදා පන්තියේ වැඩකිරීම අනිවාර්ය වන බැවින් අමතර පන්තියෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
හොර පාඨමාලා පැවැත්වූ ආයතන 81 ක් තහනම්
මුදල් වාසිය පමණක් සලකා ගුණාත්මක නොවන පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 811ක් අත්හිටුවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන ආයතනවලට අදාළ අනුකමිටුව පවසයි.
එම වංචනික ආයතන පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කර මුද්‍රා තැබීම සඳහා නෛතික පියවර ගන්නැයි අනු කමිටුව නිලධාරීන්ට නිර්දේශ කළේය.
එන්.වී.කියු සහතික දෙන පාඨමාලා නිසි පරිදි නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණ.
එසේම සියලුම වෘත්තීය පුහුණු ආයතන සහ සම්පත් ඒකරාශී කිරීමට පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම කඩිනම් කරන්නැයි අනු කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.
ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ගුණාත්මක බවින් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සදහා සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව අනුකමිටුව අවධාරණය කළේය.
මෙම කරුණු අනාවරණය වූයේ තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පත්කරන ලද අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.
අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියහ.
ඇතැම් වෘත්තීය පුහුණු ආයතනවල කාර්ය සහ අරමුණු ඒකාකාරීවීම ගැටලුවක් බැවින් යම් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය.
අපොස සාපෙළ සහ උසස් පෙළ විභාග අවසන් කළ සිසුන් සම්බන්ධ කරගනිමින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් මෙහි නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී පැවසීය.
එසේම මෙවැනි ව්‍යාපෘති විවිධ රජයේ යටතේ වෙනස් නොවන ලෙස පොදු ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.

















