උණ රෝගී තත්වයකට ගොදුරු වීමෙන් තම එකම පුතා අද(06) අලුයම මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව , එම සිසුවාගේ පියා වන එම්.එන්.ඉස්තිකාර් මහතා පැවසීය .
මිය ගොස් ඇත්තේ අවුරුදු දහතුනක් වන බ්දුල් අසීස් නම් දරුවෙකි. ඔහු මීගමුව මීගමුව අල් – හිල්ලාල් ජාතික පාසැලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි.
සිය දරුවාගේ මරණය පිළිබදව අදහස් දැක්වූ පියා.
මීට දින දෙකකට පමණ පෙර ඔලුවෙ කැක්කුමක් එක්ක උණ රෝගී තත්වයක් ඇති උනා . උණ වරින් වර අඩු උනා වැඩි උනා . පස්සෙ ඊයේ(05 ) රාත්‍රී මගේ පුතා තද නින්දකට වැටුනා .
මේ අසාමාන්‍ය තත්වය නිසා රාත්‍රී 10.30 ට විතර මීගමුව මහ රෝහලට අපි පුතාව ඇතුළත් කළා . එහිදී පුතාව දැඩි සත්කාර ඒකකයට යොමු කළා .ඒකෙ වෛද්‍යවරුන් ලොකු උත්සාහයක් ගත්තා . පුතා රාත්‍රී ගත් ආහාර පවා එළියට ගත්තා . නමුත් පුතාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබුණා .
අද(06) අලුයම 12.20 ට මගේ පුතා මිය ගියා .
මේ වනවිට මෙම සිසුවාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මතෘ ශරීරාගාරයේ තබා ඇති අතර මීගමුව රෝහල් පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
කාලතරණය කළ හැකි විස්මිත පණුවෙක්
විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. වසර 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්‍යාඥයන් සොයා ගත්තේ සයිබීරියාවේ හිමෙන් වැසුණු වනාන්තර ප්‍රදේශයක කළ ගවේෂණයකදීය.
නිද්‍රා ස්වභාවයේ සිටිද්දී හමු වූ මෙම පණුවන්ට, විද්‍යාඥයන් විසින් ජලය හා ආහාර ලබා දී ඇති අතර, ඉන්පසු උන් නිද්‍රා තත්වයෙන් මිදී පියවි තත්වයට පත් වී ඇත.
විද්‍යාඥයන්ට අනුව, මෙම පණුවන් ප්ලීස්ටොසීන (Pleistocene) යුගයේ අවසාන භාගයට ඇයත් සත්ව විශේෂයකි. අලි අතුන්ට සමාන ලෝම මැමතුන් වාසය කළේ මෙම කාලයේය.
කාලතරණය කළ හැකි විස්මිත පණුවන් යැයි විද්‍යාඥයන් මෙම පණුවන් නම් කර තිබේ.


















