පානදුර නල්ලුරුව ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
පෙරේදා (04) රාත්‍රී 12ට පමණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ නල්ලුරුව ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණි.
අනතුර සිදුවන ආකාරය කැබ් රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවකද සටහන්ව ඇත.
කළුතර දෙස සිට පානදුර දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථය ඉදිරියෙන් ගමන් ගත් ටිපර් රථයක් ඉස්සර කිරීමට යාමේදී කැබ් රථයේ අධික වේගය හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් යතුරුපැදි සේවා ස්ථානයක් තුළට කඩා වැදී තිබුණි.
අනතුරින් විදුලි කණුවකට මෙන්ම විදුලි රැහැන්වලට ද බරපතළ හානි සිදුව ඇති අතර යතුරුපැදි සේවා ස්ථානයට ද බරපතළ දේපළ හානියක් සිදුව ඇති බව වාර්තා වෙයි.
කැබ්රථ රියදුරුට නින්ද යෑමෙන් අනතුර සිදුව ඇතැයි පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ
රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ -ජනපති.
රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ නොදෙන බවත්, දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට භාරගත් වගකීම ඒ අයුරින්ම ඉටු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ , ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (04) පැවති පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන වාර්ෂික හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
සිංහල ව්‍යාපාර ආරම්භ වුණේ පොල් වගාවෙනුයි. පොල් කර්මාන්තය එකල දියුණු කර්මාන්තයක්ව පැවතුනා. 1970 වන තුරුම සිංහල ජනතාව විශාල පොල් ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කිව්වා. නමුත් 1972-73 සිදු කළ ඉඩම් ප්‍රතිසංස්කරණය සමඟ සිංහල ව්‍යාපාරිකයාගේ ප්‍රාග්ධන මට්ටම පහත වැටුණා.
සිංහල ව්‍යාපාරිකයන් කෘෂිකර්මාන්තයට දක්ෂ නමුත් ඔවුන්ට මූල්‍ය ප්‍රාග්ධනය අහිමිවීම නිසා ව්‍යාපාර බිඳ වැටීමකට ලක් වුණා. ඉන්පසු පොල් වත්තක් අක්කර 50ට සීමා වුණා. කුඩා පොල් වතු හිමියන්ගේ ප්‍රමාණය වැඩි වුණා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත පොල් කර්මාන්තය දියුණු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. නමුත් පසුගිය වසර 50 තුළ පොල් කර්මාන්තයේ දියුණුවක් ඇති වූ බව කියන්න බැහැ.
නමුත් අපට පසුව මෙම වගාවට යොමු වූ රටවල් සීග්‍රයෙන් ඉදිරියට එන බවක් පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන් බ්‍රසීලය, වියට්නාමය වැනි රටවල හෙක්ටයාරයකින් ගෙඩි 8000 ක පමණ අස්වැන්නක් ලබා ගනිමින් තිබෙනවා. අප එකතැන සිටියදී එම රටවල් අප පසුකරමින් ඉදිරියට ගොස් තිබෙනවා
අද ශ්‍රී ලංකාව තුළ පොල් වගා කරුවන් ගෙන් 82% කට තිබෙන්නේ අක්කර 20කට අඩු ඉඩම්. පොල් වගාකරුවන්ගෙන් මහා පරිමාණයෙන් වගා කටයුතුවල නිරතවන්නේ 18% ක් පමණයි. ඒ වගේම ලංකාවේ තිබෙන්නේ පොල් අක්කර මිලියන 1.1ක් වැනි ප්‍රමාණයක්. 1950දී ඉන්දියාව පොල් වගාව ආරම්භ කළේ පොල් ඉඩම් අක්කර මිලියන ලක්ෂ 20ක පමණ ප්‍රමාණයකින් . එය අද වන විට අක්කර මිලියන ලක්ෂ හතළිස් පහක් පමණ වෙලා තිබෙනවා.

















