BREAKING NEWS
Search

මඩ ගහන්න ගහන්න මම ආසයි. මම තව තවත් උඩට යනවා මිසක් පහළට වැටෙන්නේ නැහැ. වදින මඩ ගැන දිනක්ෂි කිව්ව කතාව.

166

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සාරංග-දිනක්ෂි කියන්නේ කළා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියම  යුවලක් කිව්වොත් හරි.
දෙන්නටම කාලෙන් කාලෙට එන කටකතා,මඩ ගනනකටවත් නොගෙන තමන්ගේ පාඩුවේ ආදරණීය ගමනක් යන මේ සාරංගයි දිනක්ෂිගෙයි ඉදිරි අලුත් වැඩ ගැන ඔන්න දිනක්ෂි කියලා තියෙනවා.

සාරංගගේ අළුත්ම සහ ඔහුගේ ප්‍රථම සිනමා පටයේ වැඩ කටයුතු මේ වෙද්දි අවසන් අදියරේ පවතින බවයි දිනක්ෂි කියලා තියෙන්නේ.

“තාම ඒකේ වැඩ ටික කෙරෙනවා.

දැන් අවසාන අදියරේ වැඩ ටික තියෙන්නේ.

මේ දවස්වල මියුසික් කරනවා.දිනේෂ් මල්ලිමයි කරන්නෙත්.

අපි ඉතින් බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අවසානේ හරි ලබන අවුරුද්දේ මුල හරි ෆ්ල්ම් එක රිලීස් කරන්න.”

කොහොමත් කාලෙන් කාලෙට දින්ක්ෂිටයි සාරංගටයි කුමක් හෝ කටකතාවක් හරි මඩක් හරි හැදෙනවනේ.

ඒ ගැනත් ඔන්න දිනක්ෂි කතා කරලා තියෙනවා.

“එහෙම වට්ටන බෑ කියලා දැන් ගොඩාක් අය තේරුම් අරගෙන ඉන්නවා කියලා මට හිතෙනවා.

මොකද මගේ ජීවිතේ මම මුහුණ දීපු දේවල් එක්ක මම අද ඉන්න තත්වය ගැන මම,මම ගැනම ආඩම්බර වෙනවා.

මඩ ගහන්න ගහන්න මම ආසයි.

එහෙම ගහද්දි මා තව තවත් උඩට යනවා මිසක් පහළට වැටෙන්නේ නැහැ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *