BREAKING NEWS
Search

ගම්පහ මාල හොරා කඩා ගත් මාලය ගිලලා

151

ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ මහමග ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැද තිබූ රන් මාලය කොල්ලකා ඇති පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී එය ගිල දැමූ බව යක්කල පොලීසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු කාන්තාවන්ගේ රන් මාලය කඩාගෙන ඇති බවත් අවට සිටි පිරිසක් පැමිණීම මත පැදිකරු පලා ගිය බැවින් මාලය අතැතිව සිටි කොල්ලකරු අල්ලා ගැනීමේදී එය ගිල ඇති බවත් පවසන පොලීසිය, සැකකරු පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් එක්ස් කිරණ පරීක්ෂණයට ලක් කිරීමේදී රන් මාලය උදරය තුල ඇති බව පෙනී ගිය බවද සදහන් කරයි.

යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මාලය එළියට ගැනීම පිනිස සැකකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

පන්දහසක අල්ලසක් ඉල්ලූ සැරයන් ගෙදර

පොලිස් භාරයට ගෙන තිබූ තිබූ යතුරු පැදියක් සහ එහි ලියකියවිලි නැවත එම යතුරු පැදියේ අයිතිකරුට භාර දීම සඳහා රුපියල් 5000 ක මුදලක් ඉල්ලා සිටි බව කියන අක්මීමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ගාල්ල සහකාර පොලිස් අධිකාරී (1) විසිනි.

බීමතින් යතුරු පැදියක් පදවාගෙන පදවා ගෙන යමින් සිටි බව කීමෙන් නරාවල හන්දියේ දී පුද්ගලයකු අල්ලා ගෙන ඔහුගේ යතුරු පැදිය සහ එහි ලිය කියවිලි පොලිස් භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර යතුරු පැදිය සහ එහි ලියකියවිලි නැවත භාරදීම සඳහා මෙම පොලිස් සැරයන්වරයා රුපියල් පන්දහසක මුදලක් ඉල්ලා ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *