BREAKING NEWS
Search

වතුර බිල් කරදරේ ඉවරයි! අලුත් වතුර බිල SMS එකෙන්

258

2024 වසරේ ජනවාරි මාසයේ සිට ජල පාරිභෝගිකයන්ට හිමිවන මාසික ජල බිල්පත විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ සේවා හරහා ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි ජල පාරිභෝගිකයින්ට ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.

එමෙන්ම එළඹෙන ජනවාරි පළමු වනදා ජල පාරිභෝගිකයන් සඳහා ස්ථානීය ගාස්තු අඩු කිරීමේ විද්‍යුත් බිල්පත් සේවාවක් ද හඳුන්වා දීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

මේ අතර විදුලි ගාස්තුව ඇතුළු ජල පිරිපහදුවට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අඩු වුවහොත් ඉදිරි මාස 06 තුළ ජාල ගාස්තු අඩුකළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කළා.

madyawediya

පොලිස් පවුලක්ම එකතු වෙලා හමුදා සෙබළෙකුට තියුණු ආයුධවලින් පහරදීලා! සැකකාර කොස්තාපල්, බිරිඳ සහ පුතා අත්අඩංගුවට

කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් හේතු කරගෙන තියුණු ආයුධවලින් යුධ හමුදා සෙබළෙකුට පහර දී බරපතළ තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ, පුත්‍රයා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙක් ය.

පහරකෑමට ලක් වූ හමුදා සෙබළා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.

newscenter.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *