BREAKING NEWS
Search

බුකිය කැලබු හදිසි මරණ පරීක්ෂකගේ වැඩ තහනම් කිරීමට තීරණයක්

339

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය දිනවල සමාජ මාධ්‍යය තුළ සැරිසැරූ හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතන වීඩියෝපටයට අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය  පැවසීය.

ඒ අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද නුදුරේදීම සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය අවධාරණය කළේය.

මෙසේ කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතා තිබුණේ පෙරියකුලම, මරදන්කඩවල හදිසි මරණ පරීක්ෂකවරයායි.

එම කාන්තාව තම ස්වාමිපුරුෂයා මිය යාමෙන් පසුව මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමට මරණ පරීක්ෂකවරයා හමු වීමට ඔහුගේ නිවසට ගොස් තිබිණි.

මහත්තයා ලෙස තමන්ට ආමන්ත්‍රණය නොකරන ලෙසත් තමන් දෙවැනි වන්නේ මහේස්ත්‍රාත්වරයාට පමණක් බවත් පවසමින් හදිසි මරණ පරීක්ෂකවරයා අදාළ කාන්තාවට තර්ජනය කරන අයුරු වීඩියෝපටයෙහි සඳහන්ව තිබිණි.

පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ – ජනපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නැවැත්විය හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (04) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වැළැක්වීම සඳහා වෙනත් ආයතනවලින් නියෝග ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසට තමා ඉල්ලා සිටින බවය.

ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන වාර්ෂික මහ සභා රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අද මේ රට බංකොළොත් වෙලා තියෙන්නේ. කෙසේ හෝ මේ ආණ්ඩුවට වාසනාව ලැබිලා තියෙනවා මේ රට කරගෙන යන්න. ඉස්සෙල්ලා තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන්න. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කොමිටුව සාකච්ඡා කළා. සියලු දෙනාම පක්ෂ භේදයෙන් තොරව වැඩකටයුතු කළා. අවාසනාවකට හැමෝගෙන්ම ඒ සහයෝගය ලැබෙන්නේ නෑ. කුඩා කණ්ඩායම් සමහර පක්ෂ බලනවා මේක නැති කරන්න. පාරට බැහැලා විශාල සංවිධානයක් ඇති කරන්න උත්සාහ කළා. ඒත් ජනතාව එක පිළිගත්තේ නෑ. දැන් බලනවා උසාවි ගිහින් තහනම් නියෝග අරගන්න. ඒ අය බලන්නේ තමන්ගේ දේශපාලන අරමුණකට උසාවිය යොදවා ගන්න. අද මේ කරන වැඩකටයුත්ත නැවතුණොත් සතියක් යන්න කලින් බැංකු කඩාවැටෙනවා. මේක නවත්වන්න ගියොත් විදේශ රටවල් අපිත් එක්ක ගනුදෙනු කරන්නේ නෑ. මේක නවත්වන්නේ පාර්ලිමේන්තුව කිවුවොත් විතරයි. මොකද බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ බලය පාර්ලිමේන්තුවේ තියෙනවා නම් වෙන කාගෙන්වත් උපදෙස් ගන්න බැහැ. නියෝග ගන්න බෑ. ඒ නිසා උවමනා නැති ප්‍රශ්න ඇතිකරන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා. ඒ වගේම මේ පරණ දේශපාලනයෙන් රටක් දියුණු කරන්න බෑ. පරණ දේශපාලනයෙන් අපි නැතිවුණා. පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *