BREAKING NEWS
Search

සරසවි සිසුවියක් සැකසහිත ලෙස මරුට

556

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සැකසහිත ලෙස මියගිය 22 හැවිරිදි සරසවි සිසුවියකගේ මළසිරුරක් හමුවී තිබේ.

ඇය නවාතැන් ගෙන සිටි නවාතැන්පොලේ කාමරයක් තුළ තිබී ඊයේ (03) පස්වරුවේ සිරුර සොයාගෙන ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ ඇය යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද සිසුවියක් බවය.

පොලීසිය පැවසුවේ ඇය නවාතැන් ගෙන ඇත්තේ යාපනය, කලඩ්ඩිප් ප්‍රදේශයේ බවත් ඇය මන්නාරම ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරිනියක් බවත්ය.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීම හේතුවෙන් එම තරුණිය සියදිවි නසාගෙන ඇති බවට ආරංචියක් පැතිර යන බවය.

මියගිය සිසුවියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මෙරට ආහාර වර්ග 07ක් ගැන වාර්තාවක්

මෙරට ආහාර වර්ග 07ක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් සකස් කළ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදී තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද මෙම වාර්තාව දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විසින් අදාළ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී ඇති අතර එම අධ්‍යයනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන ආහාර අපතේ යෑම රටේ ජාතික වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කර තිබේ.

මේ අතර නියං සමය හේතුවෙන් පීඩාවිඳින කලාපවල ගොවීන්ට අවශ්‍ය අවම ජල ප්‍රමාණයක් හෝ මුදාහැරීමට බලධාරීන් පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ කෘෂි භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ මෙරට කෘෂිකර්මාන්තය ප්‍රතිසාධන අවධියක පවතින බැවින් මෙම ගැටලුවට බලධාරීන් කඩිනම් පියවර ගැනීම ඉතා වැදගත් බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *