BREAKING NEWS
Search

තවත් මාරක රිය අනතුරක් -04 දෙනෙක් මරුට

991

අද (04) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ.

අනතුර සිදුවී ඇත්තේ තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේදීය.

කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.

ඉරානයේ තෙල් වෙනුවට ශ්‍රී ලංකාවෙන් ඩොලර් බිලයන භාගයක තේ

ඉරානයෙන් ලබාගත් ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500ක තේ අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ “වසරක ප්‍රගතිය” සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ කතා කිරීමේදී පසුගිය වසරේ පොහොර අර්බුදය නිසා වැවිලි කර්මාන්ත අපනයනය පහත වැටීමක් සිදු වුණා. පොහොර අර්බුදය සහ අයහපත් කාලගුණය වැවිලි කර්මාන්තයට විශාල ලෙස බලපෑවා. විශේෂයෙන් පසුගිය වසරේ යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටියක මිල රුපියල් තිස්දාහක් දක්වා ඉහළ ගියා. අද වන විට යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000ක් දක්වා මිල අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ මේ වසර අවසානය වන විට තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට හැකි වේ යැයි පුරෝකථනය කර තිබෙනවා. එසේම මාර්ගගත ක්‍රමය හරහා ලෝක තේ වෙළඳපොළ සමඟ ගනුදෙනු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම ඉරානයෙන් ලබාගත් ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500ක තේ අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එමගින් අපට අහිමි වී ගිය ඉරාන තේ වෙළඳපොළ නැවත සක්‍රිය කර ගැනීමට ද අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවේ තේ ගැනුම්කරුවන් වන පාකිස්තානය, රුසියාව, යුක්‍රේනය, ඉරානය , ඉරාකය වැනි රටවල තිබෙන අර්බුද හා ගැටුම්කාරී තත්ත්වයන් නිසා ඔවුන්ගේ ක්‍රයශක්ත්තිය හීන වෙමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ සඳහා ස්ථාවර මිලක් ලෝක වෙළඳපොළේ පැවතුන ද තේ මිලදී ගන්නා රටවල ක්‍රයශක්තිය හීනවීම ගැටලුවක් විය හැකියි.

තේ වතු කම්කරුවා සුරක්ෂිත කිරීම උදෙසා පර්චස් 10ක ඉඩම් කොටසක් ඔවුන්ට ලබා දීමට කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී තිබෙනවා . ඒ අනුව අදාළ ඉඩම් හිමිකම ඉදිරි කාලයේ දී ඔවුන්ට ලබාදීමට නියමිතයි. ඉන් පසුව ඔවුන්ට අවශ්‍ය නිවාස ඉදිකර ගැනීම සඳහා ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට ද අපේක්ෂා කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *