කළුගලින් පහළට වැටී ගොවියා මරුට

158

අන්නාසි ගසක් ගැලවීමට ගිය අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පුද්ගලයකු ගල් තලාවකින් ප්‍රපාතයකට ඇද වැටි මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය සඳහන් කරයි.

මෙසේ මිගොස් ඇත්තේ අගලවත්ත පිඹුර බඹරන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වලකඩ අප්පුහාමිලාගේ සුජීව ඉන්දික ගුණතිලක නමැති 47 හැවිරිදි දෙදරු පියෙකු බවත් මියගිය පුද්ගලයා ඔහුට අයත් තේ වගාකළ ඉඩමක  වල් නෙළීිමට ගිය අවස්ථාවේ ගලක් මත තිබු අන්නාසි ගසක් ගැලවීමට උස්සාහ කර ඇති බවත් ඒ අවස්ථාවේ අන්නාසි ගස ගැලවී අඩි 7ක් පමණ උස ගල් තලාවෙන් ප්‍රපාතයකට ඇද වැටී හිස ගලක වැදි සිදු වූ බරපතල හානි හේතුවෙන් පිඹුර රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පැවසීය.

ඔහුගේ බිරිඳ ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා පිඹුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. මල සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුතර නාගොඩ මහ රෝහලට යොමු කළ බව පොලිසිය පැවසීය.

වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්‍රල් මිය යයි

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි සොයාගත් කාන්තා මළ සිරුර කඳුමුදුනේ සිට පහළට රැගෙන ඒමට ගිය පිරිස අතර සිටි යුද හමුදා කෝප්‍රල්වරයකු හදිසියේ රෝගාතුරවී නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ළිඳුල පොලිසි කියයි.

මෙසේ මියගොස් ඇත්තේ යුදහමුදා තුන්වන සිංහ රෙජිමේන්තුවෙන් කෝප්‍රල් හේරත් නමැති අනුරාධුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.

ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ කදවුරු බැදිම සදහා (01) දින එම කදු වැටියට ගිය පිරිසක් ග්‍රේට් වෙස්ටර්න් කන්දේ එක් පසක ප්‍රපාතයට ආසන්නයේ කාන්තා මල සිරුරක් දැක තලවකැලේ පොලිසිය වෙත කරන ලද දැනුමට අනුව එම මළ සිරුර සොයාගත්තේය.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය දැනුමත් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ජේ.අඹගහවත්ත මහතා ලිදුල පොලිසියට අද (2) දින නියෝග කළේය.

මල සිරුර තිබු ස්ථානයට ගිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා අධික්ෂණය යටතේ නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ ආපරාධ ස්ථාන පරික්ෂාගාර නිලධාරින් සහ ලිදුල පොලිසියේ නිලධාරින්  සිරුර දැඩි පරිශ්‍රමයක් දරා යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ භට පිරිස් සහයෝගයෙන් කදු මුදුණේ සිට රක්ෂිතයෙන් පිටතට රැගෙන එනු ලැබුහ.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *