BREAKING NEWS
Search

බිරිය අනියම් සැමියා සමග ත්‍රිරෝද රියේ පෙම් කෙලිද්දී සැමියා ත්‍රි රෝද රියට ගිණි තියලා

2137

සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් තුළ සිටීනු දුටු බිරියගේ සැමියා අද උදෑසන ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි .

ත්‍රීරෝද රථය ගිනිතැබූ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.

බිරිඳ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවත්, ඇය අද සේවයට යාමට උදැසන නිවසින් පිටත්ව ගොස් අනියම් සැමියා සමග හොරණ ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ ත්‍රිරෝද රථයක සිට ඇති බවට සැකකරුගේ ප්‍රකාශ අනුව පෙනීයන බව පොලිසිය කීය.

සැකකරු පැමිණෙන දුටු අනියම් පෙම් යුවල ත්‍රීරෝද රථයද මහමග දමා දිව ගොස් ඇති බවත්, එහිදී උරණවූ සැකකරු ත්‍රීරෝද රථයට ගිනිතබා මුළුමනින්ම විනශකර ඇති බවත් පොලිසිය පැවසීය .

උමාරාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එන්න කියයි

ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හමුවේ  හෙට (3)  පෙනී සිටින ලෙස ඒ සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වන  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන  කණ්ඩායම උමාරා සිංහවංශ ගායන ශිල්පිනියට දැනුම්දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහන් කළමනාකරුවකුගෙන්  අද (2) ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදැයි අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීට අමතරව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ   නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ද  එම විමර්ශන කණ්ඩායම විසින්
අමාත්‍යාංශයට හෙට  (3)  කැඳවනු ලැබ සිටී. ජාතික ගීය ගායනා කළ  ආකාරය සහ එහි තාලය
නිවැරදි දැයි තොරතුරු   දැනගැනීම  සඳහා  ඔහු මෙසේ කැඳවන බවද එම නිලධාරියා කීවේය.

ජාතික ගීය  විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වනු ලබන්නේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( විමර්ශන)ධම්මික මුතුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

ගායන ශිල්පිනිය උමාරා සිංහවංශ මහත්මිය ජතික ගීය මෙසේ විකෘති කර ගායනා කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදීය.

ජාතික ගීය  විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස  අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා   රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී එන්  රංජිත් අශෝක මහතාට  පසුගිය 31 වැනිදා උපදෙස් දුන්නේය. මේ පරීක්ෂණය ආරම්භ කෙරුණේ ඒ අනුවය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනම විමර්ශනයක් පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *