පාසලට පැමිණෙන දෙමව්පියන්ට ලැබෙන සුවශේෂී අවස්ථාව

341

දෙමාපියන් විසින් පාසලට දරුවන් රැගෙන යාමේදී සහ වෙනත් අවශ්‍යතා සඳහා පාසලට පැමිණීමෙදී සැරසි පැමිණිය යුතු ඇදුම් සම්බන්ධයෙන් පාසල විසින් පනවා තිබෙන සීමාවන් නිසා ඔවුන් මුහුණපාන අපහසුතාවන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දෙමාපියන් විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

එහිදී ඔවුන් පවසන්නේ පාසල වෙත පහසු ඇදුමකින් සැරසී පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

ඒ අනුව එම ඉල්ලීම සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන ලේකම් විසින් පාසලට පැමිණෙන දෙමාපියන්ගේ ඇදුම් සම්බන්ධයෙන් ඔවුන් අපහසුතාවට පත් කරන දැන්වීම් පළකිරීමෙන් වළකින ලෙසත් ඔවුන් පාසලෙන් බැහැර නොකරන ලෙසත් සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ලිපියට අනුව දෙමාපියන් හට දරුවන් ගේ අවශ්‍යතා වෙනුවෙන් පාසලට පැමිණීමේදී පාසලේ හා දෙමාපිය ගරුත්වය රැකෙන පරිදි විනිත ඇදුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස පවසා තිබෙනවා.

ඉන්ධන සම්බන්ධයෙන් ඇමති කංචනගෙන් විශේෂ පණිවුඩයක්

ඉදිරි මාස 2 ක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ (30) මාතර පැවති බලමණ්ඩල රැස්වීමකදීයි.

එමෙන්ම පසුගිය 29 දා වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් විශේෂ අනාවරණයක් සිදු කළා.

ඒ, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත්ව වූ පිරවුම්හල් 61 ක් සම්බන්ධවයි.

ඒ අනුව, කංචන විජේසේකර අමාත්‍යවරයා සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ, ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සතු බැවින්, නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *