රෝහලේ නේවාසිකව සිටි පස් දරු පියාගේ සිරුර කුණු කාණුවක

275

කළුතර ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගනිමින් සිටී රෝගියෙකු කුණු කාණුවක වැටී මියගොස් සිටියදී අද (01)උදෑසන හමූවී ඇති බව දකුණු කළුතර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මතුගම, ඕවිටිගල , කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී වරාපිටියගේ චන්ද්‍රසේන නමැති 77 හැව්රිදි පස්දරු පියෙකු  බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා පාදයේ තුවාලයක් හේතුවෙන් ඉකුත් 30 දා රෝහලට ඇතුලත්ව 05 බී වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් , ඊයේ රාත්‍රි වැසිකිලි යන බව පවසමින් පිටව ගොස් ඇති බවත්  රෝහල් ප්‍රකාශකයෙක් කීය.

අද උදැසන රෝහල් පොලිසිය ඉදිරිපිට අප ජලය බැසයන කානුවක තිබෙනු දැක පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන් වේ.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර , හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි සැරයන්  එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) පරීක්ෂණ පවත්වති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *