BREAKING NEWS
Search

කුකුළු මස් මිල අඩු කරයි

1031

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගිකයින්ට අවම මිලක් යටතේ කුකුළු මස් පාරිභෝජනය කිරීමට අවස්ථාව සැලසීම ඉලක්ක කරගනිමින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

දේශීය කුකුළු මස් නිෂ්පාදනය  ස්වයංපෝෂිත මට්ටම දක්වා පැමිණ ඇති නිසා එම කර්මාන්තය ඉදිරියටත් රැකගැනීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කුකුළු මස් ආනයනය කළහොත් දැනට ස්වයංපෝෂිත මට්ටමේ තිබෙන මෙම දේශීය කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිය හැකි බැවින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ වගකීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ   දී දීර්ඝ ලෙස සාකච්ඡා  කළ අතර එහිදී ජනාධිපතිවරයා  කුකුළු මස් මිල සම්බන්ධව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ වගකීම  තමන්ට පැවරූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වස් කාලය නිමිත්තෙන් අවුන් සාන් සුකීට සමාව

හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

අවුන් සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් 2021 වසරේ නෙරපා හැරීමෙන් පසුව නිවාස අඩස්සියට පත් වූවාය.බෞද්ධ වස් කාලය වෙනුවෙන් සිරකරුවන් 7000 ක පමණ පිරිසකට පොදු සමාව ලබා දීමට මිලිටරි ජුන්ටාව තීරණය කර ඇති බවත් ඒ යටතේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී හටද සමාව ලබා දී ඇති බවත් මියන්මාර මාධ්‍ය පෙන්වා දී තිබේ.

නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්කයි පුවත් සේවය පෙන්වා දෙන්නේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී හට මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇත්තේ චෝදනා 5 ක් සඳහා පමණක් බවයි.චෝදනා 5 ක් සඳහා සමාව ලබා දුන්නත් ඇයට එරෙහිව තවත් චෝදනා 14 ක් තිබෙන බව ස්කයි පුවත් සේවය වාර්තා කර ඇත.වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුව ඊයේ(31) ඇයව රජයේ වෙනත් ගොඩනැගිල්ලක් කරා රැගෙන ගිය බවත් චෝදනා 5 ක් සඳහා පොදු සමාව ලබා දුන්නද ඇය තවදුරටත් නිවාස අඩස්සියේ සිටිනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇතැයි ස්කයි පුවත් සේවය සඳහන් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *