BREAKING NEWS
Search

තරුණයාව පැහැරගැනීමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු 3ක් අත්අඩංගුවට

346

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී 25 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස් සිරකර තබා මරණ තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදි පැහැරගැනීම සඳහා භාවිත කළ කැබ් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 සහ 27 හැවිරිදි අවිස්සාවේල්ල සහ ගැටහැත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය 50 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව වාර්තා වේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි.

සැකකරුවන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හදිසි මරණ පරීක්ෂකවරු ගැනත් තීරණයක් ගනී

තවදුරටත් පුරප්පාඩුව පවතින හදිසි මරණ පරික්ෂක තනතුරු සම්පූර්ණ කිරීම සඳහා අලුතින් බඳවාගැනීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබේ.

එමෙන්ම දැනට පත්කර ඇති හදිසි මරණ පරික්ෂකවරුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා හඳුනාගත් රෝහල් සඳහා අනුයුක්ත කිරීමටත්, ද්විභාෂා ප්‍රදේශීය ලේකම් කොට්ඨා සඳහා ද්විභාෂා හදිසි මරණ පරික්ෂකරුන් පත් කිරීමට මෙහිදී සැලසුම් කර ඇත.

අධිකරණ අමාත්‍යාංශය සැලසුම් කර ඇති ඉදිරි වැඩපිළිවෙල අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, එකී වැඩපිළිවෙළ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට තීරණය කර තිබේ.

කැබිනට් තීරණ සියල්ල පහතින් දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *