BREAKING NEWS
Search

ත්‍රීරෝද රථ ගාස්තු වැඩි වෙයි ?

331

නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය කරන තෙක් ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ සංගම් අවධාරණය කරයි.

මාසයක් පාසා ඉන්ධන මිල සංශෝධනය හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ නොහැකි බව ත්‍රිරෝද රථ සංගම් සඳහන් කර ඇත.

ඊයේ (31) රාත්‍රියේ සිදුකළ ඉන්ධන සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 348කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 10කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 375ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි

අධිවේගය පෙනි පෙනී සිදුවු අනතුර

මාකුඹුර අධිවේගී පිවිසුම ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ විදුලි සංඥා පුවරුවක් අසල නවතා තිබු යුද හමුදාවට අයත් මෝටර් රථයක පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ සිටි දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමෙන් පිටවන වාහන හයිලෙවල් මාර්ගයට ඇතුළු කරන ස්ථානයේ තිබූ විදුලි සංඥා පුවරුවක රතු ආලෝකය දැන් වී තිබීම හේතුවෙන් කොළඹ සිට පනාගොඩ දෙසට යමින් තිබූ මෝටර් රථය නවතා තබා ඇත.

එම අවස්ථාවේදී අධික වේගයෙන් ධාවනය  වූ ත්‍රීරෝද රථයකට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෝටර් රථය රථයේ පිටුපස ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුව තිබූ අතර යුද හමුදා මෝටර් රථයට සුළු හානි වී තිබුණි.

පසුව අනාවරණය වී ඇත්තේ ත්‍රීරෝද රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පෙදරේරුවන් දෙදෙනෙකුට තුවාල වී තිබූ අරෙ මෝටර් රථයේ කිසිවකුටත් තුවාල සිදුව නොමැත.

අනතුර වූ ස්ථානයේ නිවෙසක අලුත්වැඩියාවක් සඳහා රැගෙන යමින් තිබූ සිමෙන්ති ඇතුළු උපකරණ තොගයක් හයිලෙවල් මාර්ගයේ තැන තැන වැටී තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *