BREAKING NEWS
Search

දොඹකරයක් කඩා වැටීමෙන් 16ක් මරුට

824

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඉදිකිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මේ අතර, එම අනතුරින් තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිර ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස කඩා වැටී තිබුණේ, ලෝහ කුලුනු එසවීම සඳහා යොදාගත් දොඹකරයකි.

වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වැසෙයි

බෝවන රෝගයක් හේතුවෙන් වව්නියාව බන්ධනාගාරය සති දෙකක කාලයකට වසාදමා තිබේ.

ඒ අනුව, මීට දින කිහිපයකට පෙර වව්නියාව බන්ධනාගාරය වසා දමා ඇති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේය.

වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට ඥාතීන්ට බන්ධනාගාරයට පැමිණීමට නොහැකි අතර රැඳවියන් නඩු කටයුතු සඳහා පිටතට රැගෙන යාම ද තාවකාලිකව නතර කර තිබේ.

සරම්ප රෝග තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාරය එලෙස වසා දමා ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරය තුළ පවතින ඉඩකඩ සීමිත වීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාර රැඳවියන්ට සහ නිලධාරීන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට පියවර ගෙන තිබේ.

වව්නියාව බන්ධනාගාරය තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් රඳවා සිටින අතර නිලධාරීන් 85 දෙනෙකු පමණ සේවය කරනු ලබයි.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව “අද දෙරණ” බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනයක මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ රෝග තත්ත්වයක් හේතුවෙන් වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දමා ඇතත් තවත් දින කිහිපයකට පසුව එය සාමාන්‍ය පරිදි විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇති බවය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *