BREAKING NEWS
Search

කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 කට වෙච්ච දේ

200

කුවේටයේ සිටි 62ක් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකසා මෙරටට පිටුවහල් කළේය.

මොවුන් අතරින් 59 දෙනකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයන් බව ද තානාපති කාර්යලය කියයි.

ඔවුන් ගෘහ සේවය සදහා ගිවිසුම් ගත නිවෙස්වලින් පලා ගොස් , කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැදී සිටිමින් , විවිධ රැකියා ස්ථානවල කුවේට් ඩිනාර් 250 ක් වැනි මාසික වැටුපක් සදහා සේවයේ නිරත වෙමින් , වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරයෙක් පැවසීය .

බදුල්ලේ මාර ගසක් තුළ රිවෝල්වරයක්

බදුල්ල ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක බෙනයක් තුළ සගවා තිබූ   අයිතිකරුවෙකු නොමැති  විදේශ  රටක නිශ්පාදිත රිවෝල්වරයක් සහ වෙඩිබෙහෙත් තොගයක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

ලැබුණු තොරතුරක් මත බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්  බදුල්ල ග්ලේන්පින්වත්ත ට ගොස් මෙම වැටලීම සිදුකර තේ වත්තේ  මාරගසක බෙනයක් තුළ ඉටි බෑගයක දමා සගවා තිබූ රිවෝල්වරය සහ වෙඩිබෙහෙත් සොයා ගත් බවද පොලිසිය සදහන් කළේය .

විදේශ රටක නිශ්පාදිත මෙම රිවෝල්වරය සොයා ගන්නා විටත් එය මළකඩ කා තිබූ බවත් ,වෙඩිබෙහෙත් මිලිග්රැම් 437 ක් තිබූ බවද පොලිසිය පැවසීය .

මෙය කිසිවෙකු විසින් කිසියම් අපරාධයක් කිරිමට හෝ අපරාධයක් සිදු කර මෙසේ රිවෝල්වරය සගවා  තැබුවේ ද යන්න සොයා පරික්ෂණ කටයුතු සිදු කරන බවද උසස් පොලිස් නිළධාරියකු කීහ .

බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල , පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ටී එම් රත්නායක  උපපොලිස් පරික්ෂක ඩී.එම් .අනුර ,සැරයන්  35234 සමන්ත , 33778 ජයසිංහ , 54116 විජෙතුංග, 40840 රත්නසිරි  යන මහත්වරුන් වැඩිදුර පරික්ෂණ පවත්වති .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *