BREAKING NEWS
Search

කළුතර වෙරළෙන් හමුවූ බිලිඳියගේ මවගේ සිරුරත් සොයා ගනී

1146
උතුරු කළුතර වෙරළේ තිබී ඊයේ පස්වරුවේ සිරුර හමුවූ අවුරුදු දෙකහමාරක් වයසැති දැරියගේ මවගේ සිරුර එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී හමුවී තිබෙනවා.

අද පෙරවරුවේ ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමකදී වෙරළ තීරයේ ගල් පරයක සිරවී තිබූ මෙම කාන්තා මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

මෙම මව සහ දියණිය කළුතර – දොඩම්ගොඩ – හල්කඳවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

මේ වනවිට අදාළ සිරුරු ඔවුන්ගේ ඥාතියෙකු සිරුරු හදුනාගෙන ඇති බව පොලීසිය සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, කළුතර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පරීක්ෂණ කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.

මත්පැන් අවන්හල් හිමියන්ගෙන් මැසිවිලි

වයඹ පළාතට පමණක් විශේෂිත බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ වැඩ සටහනක් දිනපතා ක්‍රියාත්මක වෙනවා.

මේ හේතුවෙන් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් වැඩිවීම හමුවේ අවන්හල් වෙතට මත්පැන් පානයට රැඳෙන පිරිස් අඩුවීමෙන් ආදායම අඩු වී ඇති බවට වයඹ අවන්හල් හිමියෝ චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අඩු වී තිබූ ආදායම මෙම වැටලීම් හමුවේ තවදුරටත් අඩු වී ඇති බවයි.

මෙසේ බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු පහරක් බව‍යි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රකාශ කර සිටියේ වයඹ පළාතේ බීමත් රියදුරන් නිසා සිදුවන අනතුරු මේ වන විට අවම වී ඇති බවයි.

අවන්හල් හිමියන්ට හා බලවතුන්ට ඕනෑ විදිහට නීතිය නවන්නට කිසිවෙකුටත් ඉඩ නොතියන බවයි නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *