BREAKING NEWS
Search

මට SPA ගොඩාක් තියෙනවා…මම ඔයාට කැමතියි… මට බබාලා දෙන්නෙකුත් ඉන්නවා කමක් නැත්ද? අපි බඳිමු හැබැයි මට ගෙදරට කියන්න බෑ…

464

කතාව ආරංචි වෙන්නෙ බස්නාහිර පළාතේ ස්පා බහුල ප්‍රදේශයකින්.

මේ කතාවේ ප්‍රධාන චරිතය ස්පා රැසක් තිබෙන කාන්තාවක්.

ඇය තම ව්‍යාපාරය විදිහට කරන්නේ සම්භාහන මධ්‍යස්ථානයන් පවත්වාගෙන යෑම.

දිනෙන් දින ව්‍යාපාරය දියුණු වීමත් එක්ක ඇය සම්භාහන මධ්‍යස්ථාන රැසක හිමිකාරිණියක් වෙද්දී ඇයගේ සිත දිනාගන්නට එම ප්‍රදේශයේම පොලිසියක ආධුනික උප පරීක්ෂකවරයෙක් සමත් වෙනවා.

දෙදෙනාම ප්‍රේමයෙන් මුසපත් වෙද්දී අනාගතය ගැන සිතා දෙදෙනාම විවාහ වෙනවා.

නමුත් ඇය පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකු සමග තනි වුන ගැහැනියක්.

නමුත් මට කම් නැත ඔවුන් මට බර නැත යැයි සිතා මේ විවාහය සිද්ධ වුනත් මේ ආධුනික පොලිස් උප පරීක්ෂකවරයා මේ විවාහය තම නිවසට හෙළි නොකරන්නට වග බලාගන්නේ මන්දැයි තවමත් සිතාගන්නට බැරි කාරනවක්.

මේ විවාහයට දෙමාපියන් වෙනුවට ආශිර්වාද කරන්නත් සාක්ශිකරුවකු ලෙස අත්සන් කරන්නටත් එන්නේ ඒ පොලිස් ස්ථානයේම ස්ථානාධිපතිවරයයි.

කෙසේ නමුත් මේ විවාහය ආරංචි වීමත් එක්ක පොලිස් මූලස්ථානයට එක දිගට පෙත්සම් එන්නේ මේ විවාහයට විරුද්ධ පාර්ශවයකින්.

මේ සම්බන්ධව එන පෙත්සම් නිසාම මේ ගැන විමර්ශනයක් සිදු කරන්න පොලිස් මූලස්ථානය තීරනය කරලා.

ඖෂධ හිඟය මඟහරවන්න හදිසි මිලදී ගැනීමකට සූදානම්

රටපුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය මඟහැවිම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධවර්ග 160ක් පමණ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඖෂධ ආනයනය කිරීමට මාස 6ක පමණ කාලයක් ගතවන හෙයින් ඒවා හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගැනීමට තීන්දු කළ බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා කීය.

පිළිකා සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 65ක් මේ වනවිටත් අනවුම් කර තිබෙන බව ද කී රත්නායක මහතා මාස දෙකක පමණ කාලයකදී ඖෂධ හිඟය මඟහැරී යනු ඇතැයි ද පැවැසීය.

ඖෂධ වර්ග 350කට ආසන්න ප්‍රමාණයක් දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබා ගන්නා අතර තවත් ඖෂධවර්ග 100ක ප්‍රමාණයක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදි ගැනීමට නියමිත බව ද අතිරේඛ ලේකම්වරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *