BREAKING NEWS
Search

අධික ගාස්තු අය කරන රෝහල් සහ රසායනාගාර වලට වෙච්ච දේ

192

එදිනෙදා වේල සරි කරගන්නට මිනිසුන් වෙර දරන කාලයක ඩෙංගු රෝගී තත්ත්වයක් පිළිබඳව නිශ්චය කරන පරීක්ෂණයකින් අනිසි ලෙස මුදල් අයකරන පුවතක් පිළිබඳව ‘අද දෙරණ’ට වාර්තා වුණි.

වැඩි මිලට පරීක්ෂණ සිදුකළ පුද්ගලික රෝහල් සහ රසායනාගාර 15 කට එරෙහිව මේ වනවිට නඩු පවරා ඇති අතර මේ දක්වා එවැනි ස්ථානවලින් අය කර ඇති දඩ මුදල රුපියල් ලක්ෂ 116කි.

ඩෙංගු යනු රටම භීතියට පත්කරන වසංගතයකි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පූර්ණ රුධිර ගහන පරීක්ෂණයක් සඳහා රුපියල් 400ක් සහ ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 1,200 ක් අයකළ හැකිය.

ගැසට් නිවේදනයේ මිල ගණන් සඳහන්ව තිබුණත් ඒවා පසෙකලා හිතුමනාපෙට විවිධ අධික මිල ගණන් යටතේ රෝගීන්ගෙන් මුදල් අය කරන ස්ථාන රැසක් පිළිබඳව අපට වාර්තා වුණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලික රෝහල් සහ රසායනාගාරවල ඩෙංගු පරීක්ෂාවන් සිදුවන්නේ කෙසේද?

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ඒකකය විසින් වැටලීම්
රැසක් ක්‍රියාත්මක කර තිබුණි.

සීමාව ඉක්මවා ගාස්තු අය කළ පුද්ගලික රෝහල් සහ රසායනාගාර 15 ක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබුණේ ඒ අනුවය.

සීමාව ඉක්මවා ගාස්තු අය කළ ස්ථානවලට රුපියල් ලක්ෂ 05, 10, 15 බැගින් දඩ නියම කර ඇති අතර මේ දක්වා නියම කර ඇති සමස්ත දඩ ප්‍රමාණය රුපියල් ලක්ෂ 116 කි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.

මේ අතර සාමාන්‍යයෙන් දෛනිකව සිදුකරන පරීක්ෂණ 100 කට ආසන්න ප්‍රමාණයක් සඳහාවත් නිශ්චිත මිලක් නියම වියයුතු බව ජනතාවගේ මතය වෙයි.

Source : adaderana

සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුට

සිව් හැවිරිදි පිරිමි දරුවෙක් නිවස ආසන්නයේ කපා තිබු ජලය පිරී තිබු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) උදෑසන වාරියපොළ පොලිස් වසමේ මිදියාල, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ මෙය සිදුව ඇති බවය.

දරුවා නිවස ආසන්නයේ සෙල්ලම් කරමින් සිටිය දී නිවස පසුපස තිබු අඩි 2ක් පමණ උසට බැඳ ඇති අනාරක්ෂිත ජලය පිරි ඇති ළිඳකට වැටී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *