හක්මන – වලස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී අද (27) උදෑසන ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
හක්මන පොලීසිය පැවසුවේ, එහිදී තුවාල ලැබූ පාසල් ළමයින් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා ගංගොඩගම රෝහලට ඇතුළත් කළ බවය.
හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ වේගය පාලන කර ගැනිමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් පසු ත්‍රිරෝද රථය පෙරලී පහළින් තිබූ නිවසක මිදුලට ඇද වැටී තිබුණි
කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට
වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් වටලා තිබේ.
එහිදී හෙරොයින්, ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර හා ජංගම දුරකථන සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.
අට්ටාලය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 400ක්, ජාතික හැඳුනුම්පත් 6ක්, විදෙස් ගමන් බලපත්ර 5ක් සහ ජංගම දුරකතන 8ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාරිය ඇයගේ නිවෙසට යාබඳව පිහිටි කැලෑබද ප්‍රදේශයක ඇති විශාල ගසක් උඩ, කිසිවකුටත් නොපෙනෙන අයුරින්, ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති අට්ටාලයක සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය කියයි.
මුදල්, මල්ලක දමා ලණුවක් ආධාරයෙන් අට්ටාලයට යැවීමෙන් පසුව, අට්ටාලයේ සිට පහළට කුඩු එවීම කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
අට්ටාලයේ සිට අවට ප්‍රදේශයේ විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකි බවත්, බාහිර පුද්ගලයන් පැමිණීම අට්ටාලයේ සිට නිරීක්ෂණය කර ඇති බවත් පොලීසිය කියයි.



















