අද (26) දහවල් රථවාහන නඩු ලබාගැනීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙතට ත්‍රීරෝද රථයක් කඩා වැදී තිබේ.
ඒ, බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී ය.
මෙම සිද්ධියෙන් එක් නිලධාරියෙකු තුවාල ලබා අනෙක් නිලධාරියා වැවට ඇදවැටී තිබෙන බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
අනතුරෙන් තුවාල ලද පොලිස් නිලධාරියා සහ ත්‍රීරෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත මාරු කෙරුණි.
පොලීසිය සඳහන් කළේ අනතුරෙන් පොලිස් යතුරුපැදියට ද හානි සිදුවී ඇති බවය.
පානදුර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු මෙම සිද්ධියට මුහුණදී තිබුණි.
බණ්ඩාරගම දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් එකවරම මාර්ගය හරහා ධාවනය වී යතුරුපැදියත් පෙරළාගෙන නිලධාරීන් වෙත කඩා වැදී තිබූ බව විමර්ශනවලදී හෙළිවී ඇත.
ජලයට වැටුුණු පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකථනයද අස්ථානගතවී තිබේ.
ත්‍රීරෝද රථ රියදුරුට හදිසි අසනීප තත්ත්වයක් හටගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
සිංහල හපනුන්ට ලැප්ටොප්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල විෂයට දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් සඳහා කුමාරතුංග මුනිදාස පදනමින් වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් ඊයේ පැවැත්වුණි.
එහිදී දෙරණ මාධ්‍ය ජාලය මගින් මෙම සෑම සිසුවෙකුට ලැප්ටොප් පරිගණකයක් බැගින් ප්රදානය කෙරුණි.
කුමාරතුංග මුනිදාස 136 වැනි උපත් සමරුව සහ කුමාරතුංග මුනිදාස සිසු වරම අනුස්මරණ ශිෂ්‍යත්ව ප්රදානය ඊයේ පැවැත් වුණේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේදීය.
2019 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල විෂයට දිවයිනේ ඉහළම ලකුණු ලැබූ සිසුවියන් දෙදෙනාට සහ 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල විෂයට ඉහළම ලකුණු ලැබී සිසු සිසුවියන් 05 දෙනාට මෙහිදී ශිෂ්‍යත්ව ප්රදානය කෙරුණි.
එමෙන්ම ඩාලිබට්ලර් ආයතනය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද සිසුන්ට මූල්‍ය පරිත්‍යාග ලබාදුන්නේය.




















