BREAKING NEWS
Search

වනඅලීන්ට මහ පාරේ කෑම දුන්නොත් වෙන දේ ගැන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

173

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය වරදක් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහමාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටී.

මේ හේතුවෙන් එම මාර්ගවල ගමන්ගන්නා වාහනවලට බාධා කරමින් වන අලින් ආහාර ලබාගැනීමේ සිදුවිම් පසුගිය කාලය තුළ බහුලව දක්නට ලැබුණි.

එබැවින් කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන්ගන්නා අවස්ථාවල දී වන සතුන්ට ආහාර ලබාදීමෙන් වැලකී සිටින ලෙස  වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් පසුගිය මාස 07ක කාලය තුළ වන අලින් 36 දෙනෙකු මියගොස් තිබේ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ වන සතුන්ගෙන් වගා භූමි සහ දේපළ ආරක්ෂා කරගැනිම සඳහා ඇතැම් පුද්ගලයින් අනාරක්ෂිත විදුලි රැහැන් ඇද ඇති බවය.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකරනු ලබන්නේ විද්‍යාත්මක හා තාක්ෂණික පිරිවිතරයන්ට අනුව වන අතර ඇතැම් පුද්ගලයින් විසින් එම ක්‍රමවේදයෙන් තොරව සකස් කරන ලද අනවසර විදුලිරැහැන් හේතුවෙන් වන අලින් මිය යාම් වාර්තා වේ.

එබැවින් පුද්ගලික විදුලි වැටක් ඉදිකරන්නේ නම් එය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට අනුව පමණක් සිදුකළ යුතු අතර එසේ නොවන විදුලි වැට සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර තේක්කේ මහ ඇතා හෙවත් තේක්ක රාජා මියගොස් ඇති බව වාර්තා වේ.

අඩි 4ක පමණ දිගින් යුත් දළ යුගලක් සහිත එම ඇතා දික්වැව කැලෑ ප්‍රදේශයේ දී මියගොස් සිටියදී ඊයේ (26) දිනයේ සොයාගෙන ඇත.

දැඩි කොන්දේසි මත FIFA වෙතින් ශ්‍රී ලංකාවට අවස්ථාවක්

ලෝක කුසලාන පාපන්දු තරගායලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර හිමිවී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේ, කොන්දේසි සහිතව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙම අවසරය ලබාදුන් බවය.

FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග 2023 ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම ලෝක කුසලාන තරගයට අවම වශයෙන් දින 10කට පෙර සිය නිලවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වෙයි.

එසේ නොවුවහොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙනු ඇති බවද වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *