පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි, ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.
ඔහු තවමත් රෝහල්ගතව පසුවන බව ඔබ දන්නවනෙ.
ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.
මාධවී සහ කසුන් කියන්නේ මේ වනවිට ජනප්‍රිය පෙම්වතුන් යුවළක්නේ.
මේ දෙන්නා ගැන අලුත් තොරතුරු දැන ගන්න ගොඩ දෙනෙක් ආසයිනේ.
අද දවසෙම වැස්සෙ ගෙදරට වෙලා ඉඳපු කසුන්ට මාධවීගේ ආදරේ මුසු කරලා හදලා දීපු රසම රස කෑමක් ගැන කසුන් මුහුණුපොතේ සටහන් කරලා තිබුනේ මෙහම.
උදේ ඉඳන් වහිනව පායනව වැහැ වැහැ පායනව පාය පාය වහිනව. සූදුරු බතුයි , පරිප්පු හොද්දයි , ඉස්සො හොදිත්තෙක්ක මුරුංගා කොළ මුහු කරල අර්තාපල් තෙල් දාල කමු ද කියල ඇහුව විතරයි එහෙ හැරිල මෙහෙ බලද්දි මෙන්න පිඟාන. හැම බත් කටකම ස්නේහය පිරිල ඉතිරිල. මාධවීගෙ අත් ගුණේ තමයි ඉතිං.

මුන්දලමේ දැරියෝ දෙදෙනෙක් අතුරුදන්
මුන්දලම ප්‍රදේශයේ පදිංචි නිවුන් පාසල් දැරියන් දෙදෙනකු ඊයේ සිට නිවසේ සිටියදී අතුරුදන්ව ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මුන්දලම ෙ මංගෙඑළිය නුගසෙවන පදිංචි 16 හැවිරිදි නිවුන් නිවුන්සොහොයුරියන් දෙදෙනෙකි.
මෙම දරුවන් දෙදෙනා නිවසේ සිටියදී ඊයේ (25) සවස අතුරුදන් වී ඇති බවට ඔවුගේ මව පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම නිවුන් සොහොයුරියන් දෙදෙනා ගේ අතුරුදන්වීම තවම අභිරහසක් යැයි පොලීසිය පවසයි.
පාසල් අවසන් වී නිවසට පැමිණීමෙන් පසු මෙම නිවුන් දැරියන් අතුරුදහන් වී ඇතැයි පොලිසිය කියයි.




















